ලෝක ප්‍රකට බෞද්ධ භික්ෂුවක් වන අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් දින ගණනාවක ශ්‍රී ලංකා සංචාරය නිමාකොට ආපසු වැඩම කරද්දී ගුවන් තොටුපළ බලධාරීන්ගේ අතපසුවීමක් නිසා උන්වහන්සේ වැඩම කරවීමට සිටි ගුවන් යානය මඟහැරී පැය 12ක කාලයක් කටුනායක ගුවන් තොටුපළේ ගතකිරීමට සිදුව ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ නිලධාරීන් අතින් සිදුව ඇති මෙම අත්වැරදීම හේතුවෙන් එහි සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි පැමිණ අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ගෙන් වැඳ සමාව ඉල්ලූ බවද එම වාර්තාව තවදුරටත් සඳහන් කරයි.
වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය.
දින නවයක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිට දේශන, ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන් ගණනාවකට එක්ව සිටි අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් යළි ආපසු ඔස්ටේ්රලියාවට වැඩම කරවීම සඳහා පසුගිය 30 වැනිදා අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත වැඩම කළහ.
එහිදී උන්වහන්සේට ජනාධිපතිවරයාගේ නියමයෙන් විශේෂ අමුත්තන්ගේ වරප්‍රසාද පිරිනමා ඇති අතර ඒ අනුව හිමියන් විශේෂ අමුත්තන්ගේ පර්යන්තයට වැඩම කර ඇත.
මේ ආසන්න වෙලාවක අගමැතිවරයාත් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්රමුඛ පිරිසක්ද විශේෂ අමුත්තන්ගේ පර්යන්තයට පැමිණ තිබේ. මේ අවස්ථාවේ රාජකාරි කළ කාර්යභාර නිලධාරියා අනෙක් සියලු කටයුතු අමතක කර නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයාට පහසුකම් සැලසීමට කටයුතු කර තිබේ.
අගමැතිවරයා පිටත්ව වී ඇත්තේ පිටත්ව ඇත්තේ තායිලන්තය බලාය. නිමිල් සිරිපා ද සිල්වා ඇමැතිවරයාට පහසුකම් සැපයීමට ඉදිරිපත් වූ කාර්යභාර නිලධාරියා බ්‍රහ්මවංසෝ හිමියන් නොසලකා අමාත්‍යවරයා ප්රමුඛ පිරිස ගුවන් යානයට රැගෙන ගොස් ඇත. විශේෂ අමුත්තන්ගේ කුටියක වැඩම කර සිටි බ්‍රහ්මවංසෝ හිමියන් ගැන සොයා බැලීමට සහ නියමිත ගුවන් යානය කරා රැගෙන යෑමට මේ පුද්ගලයන් අමතක කර තිබේ.
මෙම සිදුවීමෙන් බ්‍රහ්මවංසෝ හිමියන් අපහසුතාවයට ලක්ව ඇති අතර මෙම අතපසුවීම සම්බන්ධයෙන් ගුවන් තොටුපළ බලධාරීන් අතරද කතාබහක් සිදුව ඇත.
Ajan Thero airport