හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටේ ආර්ථිකය විනාශ කළා සේ හිටපු කෘෂිකර්ම ඇමැතිවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ ඇතුලු පිරිස මේ රටේ කෘෂි ආර්ථිකය විනාශ කොට ගොවියන්ගේ කොන්ද කැඩූ බව තුෂාර ඉදුනිල් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ අසූචි පොහොර ගෙන්වීම හරහා රටට ඩොලර් මිලියන 6.9ක් අහිමි කළ පිරිස් සොයා දඩුවම් ලබා දිය යුතු බවකි.
අවසානයේදී ඉන්දියාවේ හිගන්නන් මුදල් එකතු කොට අපේ රටේ ගොවීන්ට මුදල් එවන තරමට ගොවීන් හෑල්ලු වූ බවද ඒ මහතා කීය.
Sri Lanka Latest News