අප පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ තවත් සුවිශේෂ තොරතුරක් වාර්තා කරමින් ආණ්ඩුව ඔක්තෝබර් මාසයේ ලංකාවට පැමිණීමට නියමිතව ඇති චීන නෞකාව කෙසේ හෝ නොවැම්බරය දක්වා කල්දමන ලෙසට චීනයෙන් ඉල්ලීමක් කළ බව වාර්තා කර සිටියෙමු. පසුගිය සතියේ මෙරට විදේශ අමාත්‍ය අලි සබි්‍ර මහතා මේ බව තහවුරු කරමින් ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කොට තිබුණේ තවමත් චීන නැවට ලංකාවට පැමිණීමට අවසර ලබාදී නොමැති බවකි. ඉන්දීය මාධ්‍ය සබි්‍රගේ මෙම ප්‍රකාශයට විශාල ප්‍රචාරයක් ලබාදුන්නද ඒ ඉන්දීය මාධ්‍යම ඊට පසු දින වාර්තා කොට තිබුණේ චීන නැව ඉන්දියන් සාගරයට ඇතුළු වී ඇති බවත්, ලංකාව දෙසට ගමන් කිරීම ආරම්භ කොට ඇති බවත්ය.Sri Lanka Latest News
ඉන්දියාවෙන් එනවා!
ඒ අනුව අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ජනාධිපතිවරයාගේ චීන සංචාරය අවසන් වූ වහාම ඉහළ පෙළේ දූත පිරිසක් ලංකාවට එවීමට ඉන්දියාව තීන්දු කොට ඇති බවය. මෙම ඉන්දීය දූත පිරිස ජනාධිපතිවරයා හා ආණ්ඩුවේ ඉහළ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට සැලසුම් කොට ඇති බවත්, එහිදී චීන ඔත්තු නැව් ඉන්දීය සාගරය හරහා ලංකාවට ඇතුළු වීම සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිට කරුණු දැක්වීමට සැලසුම් කොට ඇති බවත් දැනගන්නට ඇත. ජනාධිපතිවරයා මේ මස මැදදී චීන සංචාරයක නිරත වීමට නියමිත බැවින් දැනට ඒ සම්බන්ධයෙන් මෘදු ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීමටත්, ජනාධිපතිවරයාගේ චීන සංචාරය අවසන් වූ වහා ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයන්ට අවතීරණ වීමටත් ඉන්දියාව තීරණය කොට ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඉන්දියාව මෙම සාකච්ඡාවට පැමිණෙන්නේම ඉදිරියේදී ඉන්දියාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහ කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි තීන්දු තීරණ කිහිපයක් ගැනීමෙන් අනතුරුව බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.