පවතින වැසි සහිත කාලගුණය සමඟ ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් මතුවී තිබෙනවා. මේ වසරේ ගෙවුණු මාස 04ක කාලය තුළ ඩෙංගු රෝගීන් 29,000ක් වාර්තා වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. දත්තවලට අනුව එම කාලය තුළ ඩෙංගු වැළඳීමෙන් මිය ගොස් ඇති පුද්ගලයින් ගණන 15ක්.
ශ්‍රී ලංකාවේ දැනට මදුරු වර්ග 140ක් පමණ සිටින අතර ඉන් ඩෙංගු රෝග කාරක වෛරසය සංසරණය කිරීම සඳහා දායක වන්නේ ඊඩිස් ඊජිප්ටයි හා ඊඩිස් ඇල්බොපික්ටස් යන මදුරු විශේෂ යි. ඩෙංගු වෛරස් කාණ්ඩ 4ක් දැනට සොයාගෙන ඇති අතර ඒවා හැඳින්වෙන්නේ ඩෙංගු වන් (DEN 1), ඩෙංගු ටූ (DEN 2), ඩෙංගු ත්‍රී (DEN 3) සහ ඩෙංගු ෆෝ (DEN 4) ලෙසින්.
වසර 12කට පසු ඩෙංගු ත්‍රී වෛරස් ප්‍රභේදය මෙරට තුළ පැතිර යමින් පවතින බවටයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ. ඔවුන් පෙන්වා දෙන්නේ යම් අයෙකුට උණ වැළඳී දින දෙකක් පවතින්නේ නම් ඩෙංගු රෝගී පරීක්ෂාවක් සිදුකර ගැනීම මගින් එය උග්‍රවීම වළක්වාගත හැකි බවයි.
ඩෙංගු මදුරු ව්‍යාප්තිය සිදුවිය හැකි ස්ථාන පිළිබඳ අවධානය යොමුකිරීම අත්‍යවශ්‍ය වෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.