විපක්ෂයට එදා ‘සුන්බුන් විපක්ෂය’ ලෙස අවමන් කළ ජාතික ජන බලවේග ආණ්ඩුව අද වනවිට විපක්ෂයේ සිටින දක්ෂයන්ට ආණ්ඩුවේ තනතුරු දීමට සූදානම් වීම විහිළුවක් බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ ආණ්ඩුව පත්ව ඇති බංකොලොත් බව මේ හරහා ප්‍රදර්ශනය වන බවයි. එම මාධ්‍ය හමුවේදී වීරවංශ මහතා මෙසේද පැවැසීය. Sri Lanka Latest News
‘දැන් උද්දච්ච ආණ්ඩුව කියනවා, එන්න තනතුරු දෙන්න විපක්ෂයේ දක්ෂ මහත්වරුන්ට අපි ආරාධනා කරනවලු. දෙයි හාමුදුරුවනේ කලින් කිව්වෙ මේක සුන්බුන් විපක්ෂයක් කියලා. ඊට පස්සේ කිව්වා මේක වල්පැළ කියලා. වල්පැළ ගලවලා මල්පැළ ආවයි කියලා කිව්වා. දැන් මල්පැළවලින් හදපු ආණ්ඩුව වල්පැළ අතරෙ හොයනවා දක්ෂ මහත්වරුන්ව ගන්න. දක්ෂ වල්පැළ හොයනවා.
දැන් මොකක්ද අපිට මේකෙන් පේන්නෙ? අද තියෙන්නෙ බුන්වත් වෙච්ච ආණ්ඩුවක්. බුන්වත් වෙච්ච ආණ්ඩුව සුන්බුන් විපක්ෂයෙන් හොයනවා දක්ෂයෝ එන්න අපි තනතුරු දෙන්නම් කියලා. අන්න ආණ්ඩුව හතරගාතෙන් වැටිලා ඉවරයි. බුන්වත් ආණ්ඩුව තමන් සුන්බුන් විපක්ෂය කියලා කියපු ඒ සුන්බුන් විපක්ෂයේ සුන්බුන්වලට ආරාධනා කරනවා ‘එන්න අනේ තනතුරු ගන්න අපිට මේක කරන්න විදියක් නෑ’ කියලා. ඒක තමයි මේ කියන්නෙ.
ඒ නිසා අපි කියනවා බුන්වත් ආණ්ඩුවට, රටත් බුන්වත් කරලා, පාලනයත් බුන්වත් කරගෙන, මුළු රටම සුන්නද්දූලි කරන්නෙ නැතුව තමන්ගෙ බැරිකම දැන් වක්‍ර මාර්ගයෙන් පිළිඅරගෙන තියෙනවා. ඒක නිසා තමයි බුන්වත් ආණ්ඩුව ඕගොල්ලෝ කියන සුන්බුන් විපක්ෂයට තනතුරු ගන්න එන්න කියලා කියන්නෙ.
ඒ නිසා අපි ඉතා ඕනෑකමින් ඉල්ලනවා මහජනතාවගෙන්, රට මේ වැටී තිබෙන ආර්ථික අගාධයේ පතුල හාර හාර යන ගමනක මේ යන්නෙ. එයින් ගොඩගන්නා ගමනක නෙවෙයි. ඒ නිසා ඩබල් පොකට් හොරුන්ට බෑ මේ රට මේ වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩගන්න. ඒ නිසා අපි මේ රටේ පොදු ජනතාවට කියනවා තමන් මත පටවන දැවැන්ත බරට, ජීවන බරට, බදු බරට ඒ වගේම වැය බරට එරෙහිව පාරට බහින්න සූදානම් වෙන්න. මේ ආණ්ඩුව පලවා හරින තෙක්, මේ බුන්වත් ආණ්ඩුව එළවා දමන තෙක් ඒ සටන ජයග්‍රාහී විදියට ඉදිරියට ගෙනියන්න සූදානම් වෙන්න කියන ආරාධනාව අපි මේ රටේ පොදු ජනතාවට ඉදිරිපත් කරනවා….’










