මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි මන්නාරමේ හදිසි සංචාරයක නිරත වී ඇත.
මන්නාරම සුළං බලාගාරයේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමේ හැකියාව සොයා බැලීම සඳහා ගෞතම් අදානි ඇතුළු කණ්ඩායම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් විශේෂ හෙලිකොප්ටරයකින් මෙසේ මන්නාරමට ගොස් තිබේ.
මන්නාරම ප්‍රදේශයේ පවතින සුළං බලාගාර ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඔවුන් ඊයේ දිනම කොළඹ බලා පිටත්ව ගොස් ඇත.










