IMF කොන්දේසි අනුව දේශීය ණය ප්රතිව්යුහගතකරණය කළහොත් බැංකු පද්ධතිය මෙන්ම කොටස් වෙළෙඳපොළ ද කඩා වැටී මුදලේ අගය අවප්රමාණය වන බව මහාචාර්ය ජී. එල් .පීරිස් මහතා පැවසීය.
IMF ගිවිසුම නව රජයක් යටතේ යළි සලකා බැලීම සිදු වුවහොත් මූලිකව අවධානය යොමු කළ යුත්තේ දේශීය ණය ප්රතිව්යුහගතකරණය පිළිබඳව බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
නිදහස් ජනතා සභාවේ ප්රවෘත්ති සාකච්ඡාවට අද(08) පෙරවරුවේ එක්වෙමින් ඒ මහතා මේ බව කීය.
එමෙන්ම IMF සම්මුතිය පාර්ලිමේන්තුවේන් සම්මත කරවා ගැනීම සම්බන්ධයෙන්ර් පාර්ලිමේන්තු සම්ප්රදාය නැති බවත්, එහි කිසිම නීතිමය වලංගු භාවයක් නැති බවත් ඒ මහතා කියා සිටියේය.
ඉදිරි කාලයේදී බදු බර දෙගුණයකින් වැඩි වෙන බවත්, එම බර මහජනතාව දැරීමට සිදුවන බවත්, පොලී අනුපාතයේ වැඩිවීමත් සමග රැකියා පිළිබඳ අවදානම් තත්ත්වයක් උදාවිය හැකි බවත් පීරිස් මහතා සදහන් කළේය.










