ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට දැනුම් දීමක් කර තිබූ ප්‍රබල ආණ්ඩුකාරවරයකු පසුගිය දිනෙක නීති ක්ෂේත්‍රයේ හිටපු ප්‍රබලයකු මුණ ගැසීමට ගොස් ඒ සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගෙන ඇති බව වාර්තා වේ.
ප්‍රකට ව්‍යාපාරිකයකු මෙන්ම ඉදිරියේදී ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට සූදානමින් සිටින අයකු සමග මෙම ආණ්ඩුකාරවරයා අදාළ නීති ක්ෂේත්‍රයේ ප්‍රබලයා මුණගැසීමට ගොස් ඇති බව පැවසේ.
මෙහිදී ආණ්ඩුකාරවරයා විමසා ඇත්තේ තමන් තනතුරින් ඉවත් නොවුණහොත් තමන්ව ඉවත් කිරීමට හැකියාවක් තිබේද යන්න පිළිබදවය.
එහිදී නීති ක්ෂේත්‍රයේ හිටපු ප්‍රබලයා දැනුම් දී ඇත්තේ එසේ ඉවත් කරනවා නම් පළාත් සභාවේ යෝජනාවක් සම්මත කළ යුතු බවත්, එසේ නොමැතිව තනතුරින් ඉවත් කළ නොහැකි බවත්ය.
ලැබුණු මෙම නීති උපදෙස් අනුව මෙම ආණ්ඩුකාරවරයා මේ වනවිට ඉල්ලා අස් නොවීමට තීන්දු කර ඇති බවද දැනගන්නට ඇත.
එමෙන්ම මෙම ආණ්ඩුකාරවරයා ඊයේ දිනයේදී ඉකුත් කාලයේ ප්‍රබල තනතුරු දැරූ තවත් දේශපාලන ප්‍රබලයකුද හමුවී මේ පිළිබද සාකච්ඡා කොට ඇති බව දැනගන්නට තිබේ.