බම්බලපිටිය වජිර පාරේ සිදු වූ අනතුරක් නිසා වාහන 11කට අලාභ හානි සිදුව තිබෙනවා.
එක් දිශාවකට පමණක් වාහන ධාවනය සිදුවන බම්බලපිටිය වජිර පාරේ අනෙක් පසින් ඇතුල් කළ වාහනයක් නිසා ඊයේ සවස මෙම අනතුර සිදු ව ඇති බවයි අප සිදුකළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කර සිටියේ.
එම අනතුරෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව ද පොලිසිය සඳහන් කළා.