• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වෘත්තීය සමිති අහෝසියි! මාලිමාව එහෙම කියන්නේ IMF නිසාද? Sri Lanka Latest News

November 10, 2024
in Exclusive
Reading Time: 7 mins read
A A
වෘත්තීය සමිති අහෝසියි! මාලිමාව එහෙම කියන්නේ IMF නිසාද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘අද මම කිව්ව කියලා මතක තියාගන්න. ඒ ස්ට්‍රයික් ඉතිහාසය නැති වෙනවා ඉස්සරහට. කාට විරුද්ධවද ස්ට්‍රයික් කරන්නේ? ආණ්ඩුවත් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරලා බේරගන්නනෙ තියෙන්නේ. අපේ පැත්තෙන් පළවෙනියට ඒකට පියවර තියනවා. ඉස්සෙල්ලාම අපේ පක්ෂේ පැත්තෙන් තියෙන වෘත්තීය සමිති විසුරුවා හරිනවා. ඉවරයි නේ, මොකට ද? වෘත්තීය සමිති ඕනෙ නෑ. ජනතාවගේ පාලනයක්නෙ තියෙන්නේ.’ (Sri Lanka Latest News)

මේ, පසුගිය දිනෙක මැතිවරණ වේදිකාවේ ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලක්ෂ්මන් නිපුණආරච්චි පළකරන ලද අදහසකි.
වෘත්තීය සමිති සම්බන්ධයෙන් පළකළ මෙම අදහස සම්බන්ධයෙන් වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ සහ දේශපාලන වේදිකා තුළ විවිධ විවේචන එල්ල වෙමින් තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ සහ වෘත්තීය සමිති ව්‍යාපාර
ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේ සිටම ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරය සමග සමීප සම්බන්ධයක් දැක් වූ දේශපාලන පක්ෂයකි. 1987 වසරේදී ආරක්ෂක හේතු මත රජය විසින් තහනම් කරන ලද කම්කරු දින සැමරුමට ද ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ වී සිටියේය. වෘත්තීය ක්ෂේත්‍ර තුළ වඩාත් ක්‍රියාකාරී සහ බලවත් වෘත්තීය සමිති ගණනාවක් ජනතා විමුක්ති පෙරමුණ සතුව තිබේ. ඔවුන් සතු වෘත්තීය සමිති ඔවුන්ගේ පදනම ලෙසද හැඳින්විය හැකියි.
සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනය 2022 වසරේ පැවැති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ (අරගලය) සඳහා ද සම්බන්ධ විය. සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනය හරහා ඔවුහු සිය වෘත්තීය සමිති මෙහෙයවති. අධ්‍යාපන, සෞඛ්‍ය, විදුලිබල වැනි ක්ෂේත්‍රවල ප්‍රබල වශයෙන්ම ක්‍රියාකාරීව සිටින ඔවුහු වැටුප් ඇතුළු වෘත්තීය අරගලවල පසුගිය කාලය තුළ මුල් පෙළේ පෙනී සිටියහ. එම අරගලවල මුල් පෙළේ සිටි මහින්ද ජයසිංහ, නාමල් කරුණාරත්න, වසන්ත සමරසිංහ වැනි වෘත්තීය සමිති නායකයන් මෙවර ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මහ මැතිවරණ අපේක්ෂකයන් ලෙස පෙනී සිටින අතර, තවත් වෘත්තීය සමිති නායකයකු වන රන්ජන් ජයලාල් ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකි.

‘මීට පස්සෙ වෘත්තීය අරගල තියෙන්න විදිහක් නෑ’
ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිතියක් වන ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සහ මෙවර ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂකයකු වන රන්ජන් ජයලාල්ගෙන් අප මේ සම්බන්ධයෙන් විමසීමක් කළෙමු. එහිදී ඔහුගෙන් අප විමසා සිටියේ වෘත්තීය සමිති විසිරුවා හැරීමක් සම්බන්ධයෙන් පක්ෂය තුළ තීරණයක් ගෙන තිබේද යන්නයි. එහිදී ඔහු සඳහන් කළේ මෙවැන්නකි.

‘වෘත්තීය සමිති විසිරුවා හරිනවා කියලා පක්ෂ අභ්‍යන්තර සාකච්ඡාවක් සිදුවුණේ නෑ. එයාගෙ අදහස එයා කිව්වේ. එයාට එහෙම කියන්න පුළුවන්නේ.’
‘අපි දුප්පත්කම නැති කරනවා නම් රටේ දුප්පතුන් නැති වෙනවනෙ. අපි කියන්නේ මේ පත්වෙලා තියෙන්නේ මෙච්චර කාලයක් පාරට බැහැලා උද්ඝෝෂණය කරපු වෘත්තීය සමිති තියෙන කම්කරුවන්ගේ ආණ්ඩුවක්නෙ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මීට පස්සේ වෘත්තීය අරගල තියෙන්න විදිහක් නෑ. අපි ජාතික ජන බලවේගයේ වුණාට එයාලා හරියට කරන්නේ නැති නම් අපි පාරට බහිනවා. අපිව මාධ්‍යවලින් රටේ ජනතාව හඳුනා ගත්තේ අපි කරපු වෘත්තීය අරගලත් එක්ක. අපට විශ්වාසයක් තියෙනවා, අපි සාකච්ඡා කරලා තියෙනවා සහ ආණ්ඩුවත් අපට කියලා තියෙනවා මාස හයෙන් හයට වැටුප් සමාලෝචන සිදුකරනවා කියලා.’ ඔහු සඳහන් කළේය.

මීට පෙර එවැනි සාකච්ඡා මාර්ගයෙන් වෘත්තීය ගැටලු විසඳාගත නොහැකි වූයේ මන්දැයි විමසූ විට ඔහු ලබාදුන්නේ මෙවැනි පිළිතුරකි.
‘කලින් ආණ්ඩු ඉන්නකොට අපි වැඩවර්ජන කළේ රට බංකොලොත් කරන්න නෙවෙයි. ඒ ආණ්ඩු වැඩ කළේ නැති හින්දා. මේක අපේ ආණ්ඩුවක්. අපි ආණ්ඩුවට බලකරනවා වෙලාවට වැටුප් වැඩිකරන්න වගේ දේවල්වලට.’

‘අපි ලංකාවේ සියලු වෘත්තීය සමිති අහෝසි කරනවා හෝ මර්දනය කරනවා කිවුවා නම් ඒක වැරැදියි. අපි කිව්වේ අපේ වෘත්තීය සමිති විසිරුවා හරිනවා කියලා.’

‘ජීවත් වීමේ අයිතිය උදුරා ගන්නා පාලකයන් වෘත්තීය සමිති නිදහස සීමා කරනවා’
සමගි ඒකබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පෙන්වා දෙන්නේ, මෙම ප්‍රකාශවලින් පැහැදිලි වන්නේ ආණ්ඩුව වෘත්තීය සමිති මර්දනයකට සැරසෙන බවය.

‘ලක්ෂ්මන් නිපුණආරච්චිගේ කතාවේ දිගුවක් විදිහට පසුගිය දවසක විජිත හේරත් කියනවා ජනතාව අපහසුතාවට පත්කරන වෘත්තීය ක්‍රියාමාර්ගවලට ඉඩ තියෙන්නේ නෑ කියලා. ඒ කියන්නේ වෘත්තීය සමිති මර්දනයක් කරනවා කියන එක. වැදගත්ම දේ තමයි මේ තියෙන්නේ ජනතාවගේ ආණ්ඩුවක්. ඒක නිසා වෘත්තීය සමිති අවශ්‍ය නෑ වගේ කතාවක්. ඔය කියන්නේ වාමාංශික රජයන්වල ආණ්ඩු ක්‍රියාත්මක කරන න්‍යාය. උතුරු කොරියාව, චීනය, කියුබාව සහ රුසියාව ගත්තත් ඔය කිසිම රටක වෘත්තීය සමිති කියන භූමිකාවක් නෑ. මාධ්‍ය කියන භූමිකාව නෑ.’

‘නිපුණආරච්චි කියන්නේ තමන්ගේ වෘත්තීය සමිති විසිරුවනවා. ඊට පස්සේ අනිත් වෘත්තීය සමිති මර්දනය කරනවා. සරලවම කියන්නේ මේක. මේක තමයි වාමාංශික න්‍යායේදී කරන්නේ. ආයුධ සන්නද්ධ ගැටුම්වලදීත් ඔය වගේ උපාය මාර්ග තමයි අනුගමනය කරන්නේ.’

පැය අටේ වැඩමුරය දිනාගැනීම සිදුවූයේ ද බටහිර රටක බව ඔහු පෙන්වා දුන්නේය.

‘පැය අටේ වැඩමුරය එන්නේ කොහොමද? ඇමෙරිකාවේ චිකාගෝ නුවර සිදුවුණු කම්කරු ඝාතනයකින් පස්සේ. ජනතා විමුක්ති පෙරමුණට දෑකැත්ත, මිටිය, රතු පාට ගන්න පුළුවන් වුණේ බටහිර රටක් වුණු ඇමෙරිකාවේ සිදුවුණ අරගලයෙන්. පැය 8 දිනාගත්තේ වාමාංශික රාජ්‍ය නෙවෙයි. එංගලන්තය ඇතුළු සෑම බටහිර රටකම වෘත්තීය සමිති සඳහා නිදහස තියෙනවා.’

‘වෘත්තීය සමිති සඳහා නිදහස නැත්තේ ජනතාවගේ සිතීමේ නිදහස නැති, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අහිමි කරලා තියෙන වාමාංශික රටවල. අපේ ජීවත්වීමේ අයිතිය උදුරාගන්න පාලකයන් තමයි වෘත්තීය සමිති අයිතිය සහ මාධ්‍ය නිදහස නැති කරන්නේ…’ ආනන්ද පාලිත වැඩිදුරටත් පැවැසුවේය.

‘ගැටලු ඇතිවෙන්නේ නෑ කියලා වචනවලින් කියලා වැඩක් නෑ’
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පෙන්වා දෙන්නේ, මෙම වසරේ මාස ගණනාවක් ක්‍රියාත්මක වූ රාජ්‍ය සේවක වැටුප් අරගලයට ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති ද සහභාගි වූ බවය.

‘2024 අවුරුද්ද කියලා කියන්නේ රාජ්‍ය සේවකයන්ගේ දැවැන්ත වැටුප් අරගලවලින් පිරිච්ච අවුරුද්දක්. ගුරුවරු විදිහට අපි පෙබරවාරි ඉඳන් ජූනි ජූලි වෙනකන් දැවැන්ත දින දෙකක අරගලයක් කරලා ජවිපෙ වෘත්තීය සමිති ද ඇතුළත්ව කොළඹට ගුරුවරු රැස් කළා. ඒ විදිහට දැවැන්ත උද්ඝෝෂණයක් කරලා අපි ගුරුවරුන්ගේ වැටුප් වැඩිකිරීම වෙනුවෙන් ආණ්ඩුවට බලපෑමක් කළා. ජූලි මාසෙ දවස් දෙකක රාජ්‍ය සේවකයන් මේ වගේ දැවැන්ත වෘත්තීය අරගලයක ඉන්න අතරේ තමයි මැතිවරණය ආවේ. ඒ නිසාම ඒ ඉල්ලීම මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රමුඛ ඉල්ලීමක් වුණා.’

ඔහු පවසන්නේ, එම ගැටලු විසඳනවා වෙනුවට මේ වනවිට ඔවුන් වෘත්තීය සමිති විසුරුවා හැරීම පිළිබඳ පවසන බවය.
‘තවමත් ඒ ගැටලුව විසඳන්න ආණ්ඩුව මැදිහත් වෙනවා වෙනුවට නිපුණආරච්චි කියනවා වෘත්තීය සමිති විසුරුවා හරිනවා කියලා. ප්‍රශ්න විසඳනවා, මීට පස්සේ ගැටලු ඇතිවෙන්නේ නෑ කියලා වචනවලින් කියලා වැඩක් නෑ. අපේ ප්‍රශ්න විසඳනවා නම් අපි එළියට බහින්නේ නෑ තමයි. නමුත් ඒවා වචනවලට සීමා කරලා හරියන්නේ නෑ.’

‘මේ ක්‍රියාත්මක කරන්න හදන්නේ IMF වැඩපිළිවෙළ’
වැඩවර්ජනය කිරීම කම්කරුවන් සතු අයිතියක් බව වාණිජ හා කාර්මික සේවක සංගමයේ සභාපති නීතිඥ ස්වස්තිකා අරුලින්ගම් පවැසුවාය.
‘මාලිමා ආණ්ඩුව ආවට පස්සේ අපි අලුත් දේවල් කතා කරනවා නෙවෙයි. වැඩ වර්ජනය කිරීමේ අයිතිය සේවකයන්ට තියෙන අයිතියක්. ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවා පිළිගත්ත දෙයක් වැඩවර්ජනය කිරීමේ අයිතිය කියලා කියන්නේ. පැය අටේ වැඩමුරය, මාතෘ නිවාඩු, හොඳ වැටුපක් වගේ ගොඩක් දේවල් වැඩවර්ජන කරලා, සටන් කරලා කම්කරුවන් දිනාගත්ත දේවල්. ස්විට්සර්ලන්තය වැනි දියුණු රටවල පවා කාන්තාවන් වැඩවර්ජනවලට ගියා සමාන ගෙවීම් ඉල්ලලා සහ හිංසනයන්ට විරුද්ධව.’

ඇය පවසන්නේ, ජාතික ජන බලවේගයේ නියෝජිතයන් වෘත්තීය සමිති හා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කළ ප්‍රකාශවලට විරුද්ධ බවය.
‘වැඩවර්ජන කියන්නේ මීට පස්සේ ඉතිහාසයට එක් වෙන දෙයක් කියලා ඒ අය කිව්ව කතාව සමස්ත කම්කරු ව්‍යාපාරයටම විරුද්ධව කියපු කතාවක්. ඒකට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි.’

එමෙන්ම, ලක්ෂ්මන් නිපුණආරච්චි පවසන ආකාරයට ආණ්ඩුව සමග සකච්ඡා කර මෙම ප්‍රශ්න විසඳාගත හැකි දැයි විමසූ විට නීතිඥ ස්වස්තිකා එයට ලබාදුන්නේ මෙවැනි පිළිතුරකි.

‘මාලිමා ආණ්ඩුවට කියන්න බෑ එයාලා හාම්පුතුන් එක්ක කතා කරලා විසඳුම් ගන්නම් කියලා. ඒකට අයිතිය තියෙන්නේ අපට.’
ස්වස්තිකා අරුලින්ගම් පෙන්වා දෙන්නේ, මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මත සිදුකරන වැඩපිළිවෙළෙහි දිගුවක් බවය.
‘IMFඋපදෙස් මත මේ අය දැන් කම්කරු පනතක් සකස් කරමින් ඉන්නවා. එහි කොන්දේසිවල තියෙනවා වැඩවර්ජන කරන්න දෙන්න බෑ කියලා. ඒ දේවල් තමයි දැන් එයාලා වේදිකාවල කියමින් ඉන්නේ.’

‘ජනාධිපතිවරයා නිශ්චිත පැහැදිලි කිරීමක් කළ යුතුයි’
මේ අතර, එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ ද වෘත්තීය සමිති විසුරුවා හරින බවට කර ඇති ප්‍රකාශය හෙළාදැක තිබේ. එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රවී කුමුදේශ් සඳහන් කර ඇත්තේ, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිශ්චිත පැහැදිලි කිරීමක් කළ යුතු බවය.

‘කොළඹ දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයෙක්, මැතිවරණයෙන් පසු වෘත්තීය සමිති විසුරුවා හරින බවත්, වෘත්තීය සමිති ජනතාව පීඩාවට පත්කරන බවත් ප්‍රකාශ කර තිබුණා. මේක ජාතික ජන බලවේගයේ හෝ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවේ නිල ප්‍රකාශය ද කියලා ජනාධිපතිවරයා නිශ්චිත ප්‍රකාශයක් කළ යුතුයි. අපේක්ෂකයකු ලවා මෙවන් ප්‍රකාශයක් කරමින්, බලය ලබාගත් පසු ඊට ජනතා එකඟතාවක් ඇති බව ප්‍රකාශ කිරීමේ අවදානමක් තිබෙනවා. ඒ නිසා වෘත්තීය සමිති පිළිබඳ ආණ්ඩුවෙත් මතය එය නම්, මැතිවරණයට පෙර එය නිශ්චිතව ප්‍රකාශයට පත්කිරීමේ වගකීමක් ආණ්ඩුවට තිබෙනවා. කොහොම නමුත් ඉතිහාසය පුරාවට ආණ්ඩු පෙරළීම සඳහා අනවශ්‍ය වැඩවර්ජන පවා සිදුකිරීමට නායකත්වයක් දුන් පක්ෂයක් විදිහට වෘත්තීය සමිති ජනතාව පීඩාවට පත්කළ බව හිටිහැටියේ මතක් වීම පිළිබඳ අපි කනගාටු වෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති දේශපාලන වුවමනාව වෙනුවෙන් ජනතාව පීඩාවට පත් කළාට, මේ රටේ බහුතරයක් වෘත්තීය සමිති තම අයිතිවාසිකම් මෙන්ම මහජන සේවාවන් ද රැක ගැනීමට විශාල දායකත්වයක් ලබා දුන්නා.’

වෘත්තීය සමිතියක් යනු කුමක්ද?
ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ප්‍රධානම නීතිය වන්නේ 1935 අංක 14 දරන වෘත්තීය සමිති ආඥා පනතයි. එම ආඥා පනතේ දෙවැනි වගන්තිය යටතේ වෘත්තීය සමිතියක් යන්න මෙසේ පැහැදිලි කර ඇත.

● සේවකයන් හා සේවායෝජකයන් අතර හෝ සේවකයන් හා සේවකයන් අතර සේවායෝජකයන් හා සේවා යෝජකයන් අතර සම්බන්ධතා විධිමත් කිරීම
● යම්කිසි වෘත්තියක/ ව්‍යාපාරයක ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සීමාකාරී කොන්දේසි පැනවීම
● වෘත්තීය ආරවුලට බැඳි සේවකයන් හෝ සේවායෝජකයන් නියෝජනය කිරීම
● ඕනෑම වෘත්තියක කර්මාන්තයක වැඩ වර්ජන ඇති කිරීම හෝ සංවිධානය කිරීම හෝ වැඩ වර්ජනයක් පවත්වාගෙන යන අවස්ථාවේ දී එහි සාමාජිකයන්ට වැටුප් හෝ අනෙකුත් ප්‍රතිලාභ සැපයීම

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1999 අංක 56 දරන කාර්මික ආරවුල් සංශෝධන පනත මෙන්ම ‘ආයතන සංග්‍රහය’ හරහා ද ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය පිළිබඳ නීතිමය තත්ත්වය ප්‍රකාශයට පත්කර ඇත.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වෙනි පරිච්ඡේදය මගින් මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් ප්‍රතිපාදන දක්වා ඇත. ඒ අනුව, 14(1)ඩී ව්‍යවස්ථාව මගින් සෑම පුරවැසියකුටම වෘත්තීය සමිති පිහිටුවීමේ හා වෘත්තීය සමිතිවලට බැඳීමේ නිදහස ලබාදී තිබේ.

බීබීසී සිංහල වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

”සීත ගිරිහිස තිබුණු උරහිස මතක් වෙනවද මල්ලියේ – තාම සෙනෙහස එහෙම එතැනම තියලා එන්නද ඔබ ගියේ ?”

Next Post

නිර්ධන පංතිය නියෝජනය කරනවා කියපු අනුර ජනාධිපති වෙලා සතියක් යන්නත් කලින් ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව ඈවර කරන්න හදනවා! ආණ්ඩුව ගහපු ගැසට් නිවේදනය අතේ තියාගෙන සජිත් කතා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.