• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

”සීත ගිරිහිස තිබුණු උරහිස මතක් වෙනවද මල්ලියේ – තාම සෙනෙහස එහෙම එතැනම තියලා එන්නද ඔබ ගියේ ?”

November 10, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
අවුරුදු 35කට කලින් රෝහණ විජේවිර තාත්තාව අවසන් වරට දැක්ක උලපනේ වතු යායට පුතා උවිඳු විජේවීර ගිහින්! මෙන්න තිබ්බ සංවේදී සටහන! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජීවිතේ කියන්නේ මොන වගේ එකක්ද? ජීවිතේ කියන්නේ මතකයන් ගොන්නක එකතුවක්. උවිඳු විජේවීර ෆේස්බුක් එකේ දාලා තිබුණු එක්තරා සටහනක් දැක්කමයි මට මේක කියන්න හිතුණේ. උවිඳුගේ ජීවිතය අද ගතවෙන්නේ දේශපාලනයේ එළිපත්තේ ඉන්න විදියට. උවිඳු යම් යම් කාරණාවලදී දේශපාලනිකව මැදිහත් වෙන බවක් පේන්න තියෙනවා. ඉතින් උවිඳුට දේශපාලනයට එන්න අවශ්‍ය කරන පරිසරය නිර්මාණය වෙලා තියෙන්නේ මොන විදියටද කියලා අපි හැමෝම දන්නවා. උවිඳුගේ දේශපාලන වටපිටාව නිර්මාණය වෙලා තියෙන්නේ තාත්තා නිසා. උවිඳු විජේවීරගේ තාත්තා තමයි අපි කවුරුත් දන්න රෝහණ විජේවීර. රෝහණ විජේවීරලා ප්‍රාර්ථනා කරපු දේශපාලන විප්ලවය අද ලංකාවේ යථාර්ථයක් බවට පත්වෙලා තියෙනවා. නමුත් ඔහු ජීවතුන් අතර නෑ වගේම මේ දේශපාලන විප්ලවය ඇතුළේ තමන්ගේ හැඩය නිර්මාණය කරගන්නත් උවිඳු විජේවීර සමත්වෙලත් නැහැ. (Sri Lanka Latest News)

උවිඳු එක්තරා වෙලාවක කියනවා තමන් යමින් ගමන් ඉන්න අතරතුරේ උලපනේ වතුයාය ළඟ නතර වුණා කියලා. උවිඳුගේ මතකය කොච්චර උලපනේ වතුයාය දක්වා දුවනවද කියන එක ගැන අපි දන්නේ නෑ. උවිඳුට අවශ්‍ය නම් පුළුවන් තමන්ගේ දේශපාලනයට වාසි ගන්න මේ වතු යාය පාවිච්චි කරන්න. අපි දන්නේ නෑ එහෙම දේකට උවිඳු මේක පාවිච්චි කරනවද කියලා. කොහොම වෙතත් උවිඳු විජේවීර කියන කතන්දරය හරිම අනුවේදනීය සහ හදවතට දැනෙන කතාවක්. ඔහු කියනවා අම්මා තවත් දරුවෙක් කුසේ තියාගෙන උවිඳුව අතින් අල්ලගෙන ආ හැටි අපිට මතක බව. ඔහු කියනවා තාත්තා අන්තිමට ඇවිදපු, තාත්තා අන්තිමට මුණගැහුණු තැන් ඔහුට මතක බව. ඇත්තටම උවිඳු විජේවීර කියන තරුණයාට එච්චර පුංචි කාලේ මතකයන් තියෙනවද නැද්ද කියන එක ගැන අපි දන්නේ නැහැ.

උවිඳුට මතක ඇත්තෙ තාත්තාව. ඒ තාත්තා අපිට රෝහණ විජේවීර වුණාට එදා උවිඳුට ඒ තාත්තා රෝහණ විජේවීර නෙවෙයි. ඒ පුංචි එකාට නටපු දඟලපු තාත්තා. හුරතල් වුණු තාත්තා. එනකල් මග බලාන උන්න තාත්‍තා. ආදරෙත් අරන් ආපු තාත්තා. තාත්තා ගෙදර ඉන්නවා නම් මුළු ගෙදරම පිරිලා කියලා මේ කොලු පැංචට කොච්චර නම් හිතෙන්න ඇද්ද? ඉඳහිට හීනයක් වගේ ආපු, හීනයක් වගේ උන්න තාත්තා, හීනයක් වගේම නොපෙනී ගියාම මේ දරුවට හිතුණෙ මොකක්ද කියලා නිකමට හිතන්න. ඒ හීනෙත් අරගෙන ආපහු උලපනේ ආපු උඹගෙ හදවතේ ගැස්ම කොච්චර ඇතිද?

තප්පරෙන් තප්පරේ ඇස් ඉස්සරහ මැවුණු රූපරාමු, ආයෙත් කවදාවත් නොඑන ඒ පුංචි දවස්, ඒ මතකයන් දුව පැනපු තැන් අස්සය ගෝං ගිය උරහිස අපිට රටක් හදන හීනෙත් එක්ක යන්න ගිහිල්ලා.

උඹ අද ගෙදර එන්නෙ වීරයෙක්ගෙ පුතෙක් විදියට. මේ ගේ ඇතුළෙ මතකයන් දාස් ගානක් ඇති. ඒත් උවිඳු ඔයාගෙ තාත්තව මතක ඔයාට විතරක් නෙවෙයි. මේ රටේ කිසිම කෙනෙක්ට කවදාවත්ම අමතක නොවෙන තාත්තා කෙනෙක් ඔයාට ඉන්නෙ. ඔයාගෙ පුංචි පා සටහනක් දෙකක් තවමත් ඔය මහ පොළොවෙ ඇති තාත්තගෙ පියසටහනකට ළඟින්ම. එදා ඔයා දැන උන්නෙ නෑ නේද තාත්තා මුළු රටේම වීරයෙක් කියලා.

එදා ඔයාගෙ තාත්තට ඔයාව දාලා යන්න හිත හදාගන්න බැරි වුණා නම් මේසා විසල් දේශපාලන කඳවුරක් හැදෙන එකක් නෑ. අද දේශපාලන වේදිකාවෙ රෝහණ විජේවීරගෙ පින්තූර තියෙනවා මම දැකලා නෑ. සමහර විට ඇති. අද දේශපාලන බලය හිමිකරගත්ත දැවැන්ත දේශපාලන පක්ෂයක නායකයා ඔහු. ඒක අපිට අමතක නෑ. පුළුවන් නම් මතකයක හෝ රෝහණ විජේවීරව මුණගැහුණොත් තාත්තට කියන්න, අපිත් එයාට ආදරේ වග.

ඒ ඇති… උඹට ජය…!

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අලුත් ආණ්ඩුව යටතේත් දකුණේ පාතාලය වැඩ අල්ලයි! අම්බලන්ගොඩදී මහපාර මැද වෙඩි තියා දෙන්නෙක් මරා දමයි! Sri Lanka Latest News

Next Post

වෘත්තීය සමිති අහෝසියි! මාලිමාව එහෙම කියන්නේ IMF නිසාද? Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.