• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අභයගිරි ලෝක උරුමය විහාරාධිපති බිලිගනී.. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් මහා හෙළිදරව්වක්….

July 11, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
අභයගිරි ලෝක උරුමය විහාරාධිපති බිලිගනී..  පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් මහා හෙළිදරව්වක්….
Share on WhatsAppShare on Facebook

පුරාවිද්‍යා විධිනියම හා සම්මත නොතකා අභයගිරිය ලෝක උරුමය වනසන්නේ යයි හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

විහාරාධිපතිගේ බිල්ලට නතු වන අභයගිරි ලෝක උරුමය.

අභයගිරි විහාරය තනන ලද්දේ  වලගම්බා රජු විසින් ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේය. දාගැබ සෑදූ භූමියේ එවකට වූයේ නිගණ්ඨාරාමයක් වන අතර වලගම්බා රජු අනුරාධපූරය හැරයන නිමේසයේ ගිරි නිඝන්ටයා “මහ කලු සිංහයා පලා යතැ” යි හඬගා කීය. වලගම්බා රජ දෙවන වර රාජ්‍යත්වයට පත්වූ අවස්ථාවෙහි ගිරි නිඝන්ඨාරාමය විද්වංශනය කළ හෙතෙම එතැන අභයගිරි දාගැබ ඉදි කළේය. එම දාගැබත්  ඊට අයත් සංඝාරාමයත් නම් කරන ලද්දේ තමාගේත් ගිරි නිඝණ්ඨයාගේත් දෙනම් එක් කොටය. මෙම දාගැබෙහි ධාතුඝරයෙහි තැන්පත් කළ යමක් ගැන වංශකතාවන්හි කිසිවක් සඳහන් නොවෙයි. එහි බුදුන් වහන්සේගේ ධාතු තැන්පත් කළේ නම් ඒ බව වංශකථාවන්හි හෝ සෙල් ලිපිවල සඳහන් නොවී තිබීමට කිසිදු හේතුවක් නැත. මේ හේතුව මතම ද්‍රෝණයක් ධාතූන් තැන්පත් කරන ලද රුවන්වැලි සෑයට මෙය කිසිදු ලෙසකින් සැසඳිය හැකි නොවේ. රුවන් වැලි සෑය බෞද්ධ සැදැහැවතුන්ගේ අප්‍රමිත ගෞරවාදරයට පාත්‍රව ඇත්තේ එම හේතුව නිසාය. ඊට ලැබෙන ගෞරවය අභයගිරිය දාගැබට දිනාගැනීමට නොහැකි වන්නේ එකී හේතුව නිසාය.

තවත් අතෙකින් ගත් කල අභයගිරිය යනු ධර්මරුචි භික්ෂූන් වහන්සේලාගේ මූලස්ථානයයි. ධර්මරුචි නිකාය යනු මහායාන අදහස් දැරූ භික්ෂූන්ගේ මූලස්ථානයයි . සාමාන්‍යයෙන් එම නිකායට අයත් විහාරයන්හි දාගැබ්භි තැන්පත් කරන්නට ඇත්තේ ප්‍රඟා පාරමිතාව ලියැවුනු ධර්ම ග්‍රන්ථ වීමට ඉඩ තිබේ යැයි සිතිය හැක්කේ එම පාරමිතාව ලියැවුනු රන් පත්තිරු හතක් කැණීම්වලින් සොයා ගැනීම නිසාය. මහායානිකයන් ක්‍රිස්තු වර්ෂ පහ සියවසේදී චේතිය ගිරි හෙවත් මිහින්තලේ බලය අත්පත් කර ගත් පසු තැනූ බැව් නිසැක ඉදිකටුසෑයේ මහායාන ධර්ම පාඨ අඩංගු තඹ පත්තිරු ‍රාශියක් සොයා ගැනීම් මගින්ද  මහායානික දාගැබ්හි මහායාන සූත්‍රයන් තැන්පත් කිරීමේ පුරුද්ද කැපී පෙනෙයි.

අභයගිරිය යනු අනුරාධපුර ලෝක උරුම නගරයේ කැපී පෙනෙන ස්මාරකයකි. තවද එය පැරණි ලෝකයේ දෙවන උසැතිම ගඩොල් නිර්මාණයද වන්නේය. ලොව උසැතිම ගඩොල් ගොඩනැගිල්ල වන්නේද ජේතවනය දාගැබය. එය එකල අඩි 400ක් උසැති විය. මේ අනුව ලොව උසැතිම ගොඩනැගිලි දෙකෙහිම උරුමක්කාරයන් වන්නේ අපය; හෙට උපදින දරුවන්‍ ය.

එහෙත් අවාසනාවට මෙම ලෝක උරුම ස්මාරක ලෝක උරුම ලැයිස්තුවෙන් ගිලිහී යාමේ අවධානමක් දැන් දැන් උදාවමින් තිබෙන්නේය. එම අහිමිවීමට මුහුණ දෙන්නේ අභයගිරියේ නව විහාරයෙහි වත්මන් භික්ෂුව හෝ අමාත්‍යවරයා නොවේ; රටමය; උපනූපන් පරපුරය. අගනුවරට නුදුරු කෝට්ටේ පැරණි නගරයේ කබොක් ගල් ගනිමින්  ඇවිදිනවාට වඩා වගකීමක් අමාත්‍යවරයාගේ කර මත ඇත්තේය. එම වගකීම ඔහු අතින් ඉටු වන්නේද යන්න බලා සිටීම ජනතාවගේ වගකීම හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වන්නේය.

අබයගිරිය විහාරයේ පෞරාණිකත්වය මේ වනවිට බරපතල අවධානමකට හා අර්බුදයකට මුහුණපා ඇත්තේය. එහි සුදු හුණු තවරන ලෙස මුලින්ම යෝජනා කරන ලද්දේ වත්මන් විහාරාධිපතිය. ඊට නිසි අවසරය පුරාවිද්‍යා උපදේශක  සභාව විසින් ලබා නොදුන් අතර ඔවුන් අග්‍රාමාත්‍යතුමන්ට පෙන්වාදෙන ලද්දේ එය හුණු පිරියම් කලහොත් අනුරාධපුර නගරය ලෝක උරුම ලැයිස්තුවෙන් ගිලිහීයාමේ අවධානමක් උද්ගත ව්ය හැකි බවය. තවද එවැනි තීරණයක් ගතහොත් දාගැබ යට පටන් ඉහල දක්වාම ගඩොල් ගලවා ඉවත් කිරීමට සිදුවන්නේ අභයගිරි දාගැබ බුබ්බුලාකාරව තනා නොමැති වීම නිසාය. සිදු කරන ලද්දේ එවකට තිබූ ගර්භයට ආධාරක ගඩොල් ස්ථර කිහිපයක් යොදා දාගැබ සවිමත් කිරීමය. එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මැතිතුමා උපදේශක සභාවට නම්‍යශීලීව ඇහුම්කන්දීම සම්බන්දයෙන් ස්තූතිවන්ත විය යුතුය.

අභයගිරි දාගැබට වින කටින හස්තයන් දැන් නැවත ක්‍රියාත්මක වෙමින් තිබේ. මෙහි පළමු පියවර ලෙස අනුරාධපුරයේ පුරාවස්තු වැනසීමේ සෑම ව්‍යායාමයකදීම ඊට එරෙහිව හඬ නැගූ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අභයගිරිය ව්‍යාපෘති අධ්‍යක්ෂ සම්මානිත මහාචාර්‍ය ටී. ජී. කුලතුංගයන් මේ වන විට ඉවත් කර අවසානය. පුරාවස්තු වැනසුමට එරෙහිව නිති හඬ නැගූ ප්‍රධාන බලවේගයට අනුරාධපුරයේ භික්ෂු බලවේග අනලස්ව ක්‍රියාකර ඔවුහු ජයග්‍රහනය අත් කරගෙන සිටී. දැන් රිසි සේ උන්වහන්සේලාට කටයුතු කිරීමේ මග විවරව ඇත. එතුමා පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨතම විද්වතා වනු මතු නොව ක්ෂේත්‍ර කටයුතු පිලිබඳ දීර්ඝතම අත්දැකීම් ඇති විද්වතාද වන්නේය.

අභයගිරි දාගැබේ පෞරාණිකත්වය නැසෙන පරිදි එහි දොරටුවක් අරා අශෝභන මකර තොරණක් තැනීමේ කාර්‍ය භාරය මේ වනවිට ලහි ලහියේ සිදුකෙරෙමින් පවතී. වාර්ථාවන ආකාරයට දෙපාර්තමේන්තුව විසින් අවසර දී ඇත්තේ බල්ලන් ඇතුලුවීම වැලැක්වීමට ගේට්ටුවක් තැණීම සඳහාය. තවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව පුරාවිද්‍යා ඉඩමක අනවසර ඉදිකිරීමක් සිදු කිරීමට කිසිවෙකුට නොපිළිවන. එය 1988 අංක 24 දරන පුරාවස්තු ආඟාපනතේ අංක 15 ඈ වගන්තිය යටතේ ඇප නොදෙන බරපතල වරදකි. නිලධාරීන්ට දෙස් දෙවොල් තැබීම නිමේශයකට නවතා වහාම මේ සම්බන්දයෙන් ක්‍රියා කර ආඟාපනතේ විධිවිධාන ක්‍රියාවට නැගීම අමාත්‍යවරයාගේ වගකීම වන්නේය. අපි එසේ වන්නේදැයි උපේක්ෂාවෙන් බලා සිටින්නෙමු.

දාගැබේ සිවුපස අසෝභන බුද්ධ ප්‍රතිමා සතරක් තැබීමේ ව්‍යායාමය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම මත අත් හිටවුනි. ලෝක උරුමය වලපල්ලට ගියද සම්මාදම් මඩිය තරකර ගැනීම මෙහි එකම අරමුණ බව දැන් පැහැදිලිය.මීලඟ නිසැක කාර්‍ය වන්නේ සම්මාදම් වැඩි කර ගැනීමේ එම ජුගුප්සාජනක පියවරට විහාරාධිපති විසින් පිඹුරුපත් සැකසීමය. එය රජ කලදී මෙන් නැවතත් නිගණ්ඨාරාමයක් බවට පත්වීම මෙහි අවසන් ප්‍රතිපලය විය හැකිය. මේ සම්බන්ධයෙන් ලෝක උරුම මධ්‍යස්ථානය දැනුවත් කොට සංදේශයක් ඉදිරිපත් කිරීමට මා ඇතුලු කණ්ඩායමක් මේ වනවිට කටයුතු කරමින් සිටින බවද  මෙහිලා සිහිපත් කළ යුතුය.

ආචාර්ය සෙනරත් බණ්ඩාර දිසානායක
හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

SendShareShare
Previous Post

විරෝධතාකරුවන් මර්ධනය කරමින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිඥ සංගමයෙන් පොලීසියට චෝදනා…

Next Post

සිරිපාලයි ප්‍රියංකරයි ගැටුමක්.. සිරිපාල එක්ක බෑ…
ඇමැති ප්‍රියංකර වෙන අමාත්‍යංශයක් ඉල්ලයි!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.