පොලොන්නරුව කන්දකාඩු යුද හමුදා ගොවිපළ භූමියට අයත් ඉඩමක මරා වලදමා සිටි වන අලියකුගේ සිරුරක් සොයාගත් බව සෝමාවතිය වනජීවී නිලධාරීහු සඳහන් කරති.
මීට දින දෙකකට පෙර මරාදමා ඇති මෙම වන අලියා වළදැමීමෙන් අනතුරුව මතුවන ශරීර කොටස් සැඟවීම සඳහා පස්වලින් වසා, මයිල කොළ අතුවලින් වසා තිබුණු බව සෝමාවතිය අඩවි සහකාර සී.ඒ. වනසිංහ පැවසීය.
ලද තොරතුරක් අනුව එම වන අලියා මරා වළදමා ඇති ස්ථානයට ඊයේ (05) උදෑසන ගොස් සිදුකළ සොයා බැලීමක දී මෙම අපරාධය හෙළිදරව් වූ බව අඩවි සහකාරවරයා පැවැසීය.
මේ පිළිබඳ පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව වන අලියාගේ සිරුර ගොඩගෙන ගිරිතලේ වනජීවී පශු වෛද්‍යවරුන් විසින් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිත බවද හෙතෙම සඳහන් කළේය.
lankasara










