ඉල්ලීම් 07ක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් අද (24) දිවයිනේ සියලු රෝහල්වල සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව පරිපුරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි.Sri Lanka Latest News
එහි සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේ අද උදෑසන 8.00 සිට පැය 24ක කාලයක් එම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු පරිපුරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා,
“සෞඛ්‍ය අමාත්‍යාංශය කුමන්ත්‍රණකාරීන්ට නතුවීම මෙම වර්ජනයට ප්‍රධාන හේතුව. අපේ ඉල්ලීම් 07ක් තිබෙනවා. දිවයින පුරා මෙම වර්ජන ක්‍රියාවලිය දියත් කරත් මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු රෝහල් සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට දායක වෙන්නේ නැහැ.”










