උපයෝගිතා කොමිසම 24%කින් විදුලි බිල ඉහළ නැංවීමට අවසර ලබා දී තිබියදී එය 262%කින් ඉහළ නැංවූ ආණ්ඩුව මේ වනවිට 3%කින් විදුලි බිල අඩු කොට සද්දයක් දැමීමට සූදානමින් සිටින බව පුබුදු ජාගොඩ මහතා කීය.
එතෙක් ඊට එරෙහිව පවරා ඇති නඩුව ඇදගෙන යාම ආණ්ඩුවේ සහ අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ උත්සාහය වී ඇති බවද ඒ මහතා කියා සිටියේය.










