• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මවුවරුනි උතුරෙන් එන හොයලා – මවුවරුනි දකුණෙන් යන හොයලා – නුඹගේ දරු දුක ගැන හිතුණා! Sri Lanka Latest News

May 25, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
මවුවරුනි උතුරෙන් එන හොයලා – මවුවරුනි දකුණෙන් යන හොයලා – නුඹගේ දරු දුක ගැන හිතුණා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

.
මම පත්තරකාරයෙක් විදියට වැඩියෙන්ම ඇසුරු කරලා තියෙන්නේ යාපනේ මිනිස්සු. හැබැයි මට යුද්ධේ කාලේ යාපනේ යන්න බැරිවුණා. ඒකට හේතුව යුද්ධේ ඉවර වෙද්දී මම උසස් පෙළ ඉවර කරලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදියට ඉගෙනගන්න පටන් අරගත්තා විතරයි. පහුකාලීනව විවිධ අවස්ථාවලදී විවිධ කාරණා නිසා උතුරට ගිය මට උතුරේ මිනිස්සුන්ගේ හද ගැහෙනා රාවය ගැන හැබෑ අදහසක් තියෙනවා. මම දකුණේ ඉඳන් උතුර දිහා බලාගෙන උතුර ගැන කවි ගී ලියන කෙනෙක් නෙවෙයි. මම උතුරේ තියෙන හැඟීම් දැනීම් එක්ක උතුරේ මිනිස්සුන්ගේ පණ ගැහෙන හැටි, උතුරේ මිනිස්සුන්ගේ දාඩිය සුවඳ හඳුනන මිනිහෙක් විදියටයි මේ ලියන්නේ. Sri Lanka Latest News

ඇත්තටම අදටත් උතුරේ මිනිස්සුන්ගේ හිත් ඇතුළේ කැකෑරෙන දරුණු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ යුද්ධේ. අපි හිතුවට දකුණේ මිනිස්සු යුද්ධේ අමතක කරලා දැම්මට උතුරේ මිනිස්සුන්ට යුද්ධේ අමතක වෙලා නෑ. ඇයි උතුරේ මිනිස්සුන්ට යුද්ධේ අමතක කරන්න බැරි? ඒකට සරල සාමාන්‍ය උත්තරයක් දෙන්නම්. මේක බැලුවම මේක ඇහුවම මේක කියෝපුවාම මම දන්නවා බොහෝ දෙනකුට මාත් එක්ක තරහා යන්න පුළුවන්. දකුණේ අපි කොච්චර කොහොම යුද්ධේ ගැන කතා කළත් දකුණේ විශාල ප්‍රදේශයක යම් ප්‍රමාණයක් මියගියාම අපිට අපේ පවුලේ නෑදෑයන්ගේ මියයෑම ඔවුන් රෝගාතුර වීම්, ඔවුන්ගේ අතපය අහිමි වීම්, එහෙම නැත්නම් දේපළ අහිමි වීම් ගැන හැබෑ අදහසක් නෑ. එහෙම අදහසක් තියෙන අය දකුණේ ඉන්නේ යම් සුළු ප්‍රමාණයක්. හැබැයි උතුරට මේ කතාව මීට වඩා ලොකුවට අදාළයි. උතුරේ බොහෝ පවුල්වල සාමාජිකයෝ මියගිහිල්ලා, සාමාජිකයෝ රෝගාතුර වෙලා, අත්පා, ශරීරාංග අහිමි වෙලා, ඔවුන්ගේ දේපළ සදහටම අහිමි වෙලා, ඔවුන් ගිය ගමන අතරමග නතර වෙලා, සමහර අයගේ ව්‍යාපාර කඩාගෙන වැටිලා, සමහරු තාමත් තමන්ගේ දරුවන්ව හොයනවා, මවුපියන්ව හොයනවා, නෑදෑයන්ව හොයනවා, ඒ අය අතුරුදන් වෙලා, මරණ සහතිකයක්වත් නෑ. මේක තමයි ඇත්ත. මේකට කවුරුත් වැරැදියි කියලා අපි කියනවා නෙවෙයි. හැබැයි මේක තමයි ඇත්ත.

අපි පහුගිය දවසක දැක්කා රණවිරු සැමරුම. හැබෑවටම අපි සැමරුවේ අපේ රණවිරුවන්. අපි රණවිරුවන්ව සමරන්න හේතුවක් තියෙනවා. අපේ රණවිරුවෝ යුද්ධෙට ගියේ අදාළ ප්‍රශ්නෙකට නෙවෙයි. නැන්දා, බාප්පා, පුංචිඅම්මා, අයියා, මල්ලි, අම්මා, තාත්තා, වෙනුවෙන් යුද්ධ කරන්න ගියා නෙවෙයි. ඔය රණවිරුවෝ ගියේ තමන්ගේ ඉඩම බේරගන්න නෙවෙයි. අපේ රණවිරුවෝ ගියේ අල්ලපු වත්තේ වෙඩි සද්දේ ඇහෙන හින්දා පණ බේරගන්න වෙඩි තියන්න නෙවෙයි. අපේ රණවිරුවෝ යුද්ධෙට ගියේ ඈත තිබුණු යුද්ධෙකට. ඒ මිනිස්සුන්ට තිබුණේ බොහොම බරපතළ සහ සංකීර්ණ හැඟීමක්. ඔවුන්ට අවශ්‍යතාවක් තිබුණා රට බේරගන්න. ඒකට අපි ඒ අයට මුදලක් ගෙව්වා. හැබැයි ඒ වැටුපට නෙවෙයි රණවිරුවෝ යුද්ධේ කළේ. හැබෑ හෘදය සාක්ෂියක් සහිත මිනිස්සු විදියට අපේ රටේ මිනිස්සු යුද්ධේ කළා. ඒක අපි පටන්ගත්ත යුද්ධයක් නෙවෙයි. අපේ රටේ මිනිස්සු යුද්ධේ කළේ ද්‍රවිඩ ජනතාවට විරුද්ධව නෙවෙයි. අපේ රටේ හමුදාව යුද්ධ කළේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට විරුද්ධව. ත්‍රස්තවාදී අවි ගත්ත කෙනා දෙමළද, සිංහලද, මුස්ලිම්ද, බර්ගර්ද, ඇමෙරිකාවෙද, එංගලන්තෙද, බෞද්ධද, කතෝලිකද, හින්දුද, ඉස්ලාම්ද කියන එක නොසලකා, අපිට වෙඩිතිබ්බ අයට අපේ අය වෙඩිතිබ්බා. අපේ මිනිස්සුන්ව මරන්න එන අයව අපේ මිනිස්සු විනාශ කළා. අපේ මිනිස්සුන්ට එරෙහිව අවි ඔසවන අයට අපේ අය පහර දුන්නා. ඇත්තටම සිද්ධ වුණේ ඒක. එතකොට කෙනෙක් කියන්න පුළුවන් ඒක නිසා මෙන්න මේ හානි සිද්ධ වුණා, මෙන්න මේ පාඩු සිද්ධ වුණා කියලා. ඒකට අපි තර්කානුකූලව කියනවා නම් නෑ එහෙම දෙයක් වුණේ නෑ කියලා ඒක බොරුවක්. ඇත්තටම යුද්ධය අතරතුරේදී ඇතැම් විට ඉතා අහඹු ලෙස සිදුවුණු විවිධ නොවිය යුතු දේවල් තියෙනවා. ඒවා හිතාමතා සිදුකළ හෝ නොකළ ඒවා ලෙස අපට හිතන්න පුළුවන්. කළ ඒවා නම් වැරැදියි. හැබැයි නොකළ ඒවා නොසිතා සිදුවූ ඒවා බව විශ්වාස කරන්න සිද්ධ වෙනවා. මොකද එහෙම දේවල් යුදධයකදී සිද්ධ විය හැකියි.
නමුත් අපි මේ හදන්නේ ඒවා හරි කියන්නවත්, ඒවා සාධාරණීකරණය කරන්නවත් නෙවෙයි. ඒකත් ඔබ මතක තබාගත යුතුයි. අපි කතාවට යමු.

උතුරේ රණවිරු සැමරුමකුත්, දකුණේ රණවිරු සැමරුමකුත් දෙකක් අපි දැක්කා. දකුණේ රණවිරු සැමරුමේදී ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මා නිවැරැදි නම් ඔහු කියනවා උතුරේ අම්මලාටත් මේ වේදනාව දැනෙන වග. ඇත්තටම ජනාධිපතිවරයෙක් විදියට කිව්ව ඒ කතාවට සැලියුට්. ඒකට හේතුව අනුර කුමාර දිසානායක මහත්තයා සිංහල ජනාධිපති නෙවෙයි. දකුණේ ජනාධිපති නෙවෙයි. කොළඹ ජනාධිපති නෙවෙයි. ඔහු ලංකාවේ ජනාධිපති. ඔහුට කවුරු හරි කෙනෙක් පෙන්නලා තියෙනවා උතුරත් ලංකාවේ කොටසක් කියන එක. ලංකාවේ සමහර දේශපාලකයන්ට කවුරුත් එහෙම පෙන්නලා තිබුණේ නෑ. සමහරු හිතාගෙන හිටියා රුවන්වැලිසෑය ගාව දිවුරුම් දීලා, බුදුන් වහන්සේට මල් වට්ටියක් පූජා කරලා, දකුණේ රණවිරු සැමරුමේදී පපුවට ගහගත්තාම ඔහු මේ රටේ ජනාධිපතිවරයා වෙනවා කියලා. නෑ, නමුත් එහෙම රටේ ජනාධිපති වෙන්න බෑ. එහෙම ජනාධිපතිලා නිසා තමයි රට ගිනි ගැනීමේ සම්භාවිතාව වැඩි වෙන්නේ. අපි කතාවට යමු.

නෝනාවරුනි, මහත්වරුනි, හැබෑව තමයි දකුණේ අම්මලා කොළඹ ඇවිත් රණවිරු ස්මාරකයේ මියගිය තමන්ගේ පුතාගේ දුවගේ නම හොයලා ඒකට මලක් පහනක් පූජා කරලා ඉටිපන්දමක් පත්තු කරලා ආපහු බස් එකේ නැගලා ගෙදර ගියා. ඒ වෙලාවේ රණවිරුවන් වෙනුවෙන් ජය ගී ගැයුණා. විරු ගී ගැයුණා. ඔල්වරසන් මල් වෙඩි පත්තු වුණා. ඒ අය වෙනුවෙන් ආචාර වෙඩිමුර පැවැත්වුණා. රණ ගී ගැයුණා. රණ බෙර වැයුණා. ස්තුති කතා පැවැත්වුණා. ගෞරව කළා. උත්තමාචාර පුද කළා. ඒ සියල්ලම සිද්ධ වුණා. ඒ අයට විරුවන් ලෙස මියයන්නටත්, විරුවන් ලෙස මියගියත් සදාකාලිකවම සමරන්නටත් වාසනාව තිබිලා තියෙනවා. ඉතින් දකුණේ රණවිරු අම්මලා තමන්ගේ දරුවන් ගැන වේදනාව හිතේ පුරෝගෙන හදවතින් වැළපෙමින් ආපහු ගෙදර ගියා. ඒක තමයි ඇත්ත.

උතුරු රණවිරු අම්මලා රණවිරු සැමරුම නවත්තන්න කියයිද, විසිරිලා යයිද කියලා වේදනාවෙන් බයෙන් ගැහෙමින් මහපොළොවේ පෙරළෙමින් මියගිය තමන්ගේ පුතා, දුවගේ රූපයක්වත් ස්මාරකයක්වත් නමක් ගමක්වත් ඌට වෙච්ච දෙයක්වත් නොදැන මහපොළොවේ හැපෙමින් වේදනාවෙන් කෑගහන පින්තූර අපි දැක්කා. ඒ අය වෙනුවෙන් පහනක් පත්තු කරන්න අවසර දීමම මම හිතන්නේ රටක් විදියට උත්තමාචාරය පුදකළ යුතු දෙයක්. ආණ්ඩුවක් විදියට කරපු මරු වැඩක්. ඇත්තටම එයට හිස නමා ගරු කළ යුතුයි. උතුරේ අම්මලාටයි, දකුණේ අම්මලාටයි දෙගොල්ලන්ටම දැනෙන්නේ එකම දරු දුක. එකම ප්‍රසූත වේදනාව. උතුරේ දරුවයි දකුණේ දරුවයි ඇඬුවේ එක විදියට. උන්ට දුන්නේ එක මවු කිරි. මේ ඇඟවල්වල දුවන්නේ එකම ලේ. ඒක අමතක කරලා දාලා දෙකට බෙදිලා උන්ගේ හෘදය සාක්ෂිය උන්ගේ පපුව ගැහෙන සද්දය අපිට නොදැනී උන්ගේ ලේ රතුයි කියලා නොහිතා, උන්ගේ දරු දුක ගැන නොහිතා, උන්ගේ ස්මාරක ටික කඩාබිඳ දාලා, උන්ගේ රණවිරු සැමරුම්වලට ගිය එවුන්ට ගහලා පන්නලා තමන්ගේ දරුවව, අම්මව, තාත්තව, නෑදෑයාව, සහෝදරයව සමරන එකාව හිර කරලා මේ යුද්ධය ඉවර වීමේ අභිමානය සමරනවා නම්, ඇත්තටම තාම යුද්ධය ඉවර වෙලා නෑ. ඇත්තටම තාම සාමය උදාවෙලා නෑ. ඇත්තටම තාමත් අපිටයි ඔවුන්ටයි එකට මහපොළොවේ ජීවත් වෙන්න බෑ.

හැබැයි මේ වතාවේ අපි දැක්කා දැන් යුද්ධය ඉවරයි කියලා. මේ වතාවේ අපි දැක්කා ඔවුන්ටයි අපිටයි එකට මේ මහ පොළොවේ ජීවත් වෙන්න පුළුවන් කියලා. මේ වෙලාවේ අපිට පුළුවන් වුණා ඒ අම්මලා හඬන එක, ඒ අම්මලා බිම පෙරළෙන එක, ඒ අම්මලාගේ වේදනාව, ඒ අම්මලා පහනක් පත්තු කරන එක ඉවසාගෙන ඉන්න. එහෙම ඉවසගෙන තව අවුරුදු 10ක් අපි එකට හිටියොත් ආයෙත් අපිට විරුද්ධව ආයුධයක් ගන්න මේ රටේ ජාතියක්, ආගමක්, කුලයක්, වංශයක්, කණ්ඩායමක් ඉදිරිපත් වෙන එකක් නෑ. මොකද ඒකට හේතුව උන්ගේ ලේ අස්සට, උන්ගේ පපු කුහර අස්සට, උන්ගේ නහර අස්සට කිඳාබැස්සම මේක ශ්‍රී ලංකාව බව, අපි ශ්‍රී ලාංකික බව, අපිට විරුද්ධව යුද්ධ කරන්න වෙන්නේ පිටරැටියන්ට මිසක මෙරැටියන්ට නෙවෙයි.

ඇත්ත කතාව රණවිරු සැමරුම උත්කෘෂ්ඨයි. අපි රණවිරු සැමරුමට ආදරෙයි. අපි රණවිරු සැමරුමට කැමැතියි. හැබැයි අපි ආසා නෑ යුද ජය සමරනවට. ඒකට හේතුව යුද්ධයක් ජයගත්තෙත් නෑ, යුද්ධයකදී සිද්ධ වෙන්නේ නිමාවීම පමණයි. යුද්ධයක් නිමාවුණාම සතුටු වෙන්න පුළුවන්. ආඩම්බර වෙන්න පුළුවන්. යුද්ධයක් නිමා කළ මිනිහාට ගරු කරන එක සාධාරණයි. හැබැයි අපි දිනුව යුද්ධයක් ගැන කවි ගී සින්දු කියන්න බෑ. මොකද අපි දිනුවා කියන්නේ තව කෙනෙවක් පැරැදුණා කියන එක. පැරැදුණ කෙනාගේ යටි හිතේ ඇඳෙනවා චිත්‍රයක් අපිත් කවදා හරි දිනන්න ඕනේ කියලා. අපිට රණ ගී ගයන්න තව තැනක මළ ගී ගැයෙනවා නම්, නැත්නම් තව තැනක මළ සොහොනක් ඉදිවෙනවා නම් අපි හදන තොරණ යටින් අපිට අභිමානයෙන් යන්න බෑ. දෙගොල්ලොම එකතු වෙලා යුද්ධය ඉවර කරගත්ත එකේ අභිමානය අපි සමරමු. දෙගොල්ලොම එකතු වෙලා මිනිස්සු මැරෙන එකේ සතුට අපි භුක්ති විඳිමු. දෙගොල්ලොම එකතු වෙලා අපිටයි ඔබටයි එකට මේ පොළොවේ ජීවත් වෙන්න පුළුවන් වෙච්ච අයිතිය ගැන සමරුම. ඒ සැමරුම මිසක යුද්ධයේ ජයග්‍රහණ සැමරුමක් ඇත්තටම තියෙන්න විදියක් නෑ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි! වැස්සයි හුළගයි වැඩිවෙනවා! I Sri Lanka Latest News

Next Post

කටුනායක NEXT සමාගම හිටිහැටියේ වහලා දැම්මා! අතරමං වෙච්ච සේවකයන් 1400ක් පාරට බැස්සා! දැන් වැලිගම ‘මිචෙලින්’ සමාගමේ 1000කට අධික සේවක පිරිසකුත් පාරට බැහැලා! සමාගම විකුණන්න යනවලු! වසන්ත සමරසිංහ හදපු වෘත්තීය සමිති නායකයා සේවකයන් පාරෙ දාලා පැනලා දුවලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.