සැප්තැම්බර් 15 වනදාට යෙදෙන ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනයට පළමුව, දැනට කල් දමා ඇති මැතිවරණ දෙකෙන් එකක් හෝ පවත්වනු ඇති බවට බලාපොරොත්තු වන බව සීමා නීර්ණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරයි.Sri Lanka Latest News
පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම නොපැවැත්වීම රටක ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ ගැටලුවක් බව මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරයි.
ඔහු පෙන්වා දෙන්නේ, මේ වසර තුළ පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම්වලින් එක් මැතිවරණයක් හෝ පැවැත්වීමට බලධාරීන් පියවර ගනු ඇති බවයි.
ජනතාවගේ පාලනයකින් තොරව, මහජන නියෝජිතයන්ගෙන් තොරව ආණ්ඩුකාරවරුන්, ලේකම්වරුන් හා කොමසාරිස්වරුන් විසින් ගෙනයන මෙම පාලනය අනීතික බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දී ඇති බව ද ඒ මහතා සඳහන් කරයි.