ශ්‍රී ලංකාව, අධි තාක්‍ෂණික චීන පර්යේෂණ. නෞකාවකට තම මුහුදු තීරයේ නැව්ගත කිරීමට ඉඩ දීමෙන් පසුව ඇතිවිය හැකි ඕනෑම ආකාරයක අභියෝගයකට මුහුණ දීමට ඉන්දියාව හොඳින් සූදානම්ව සිටින බව ඉන්දීය මධ්‍යම මණ්ඩල අමාත්‍ය සර්බානන්ද සොනොවාල් ප්‍රකාශ කරනවා.
ඒ බව ‘ද ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත්පත ඊයේ (14) වාර්තා කළා.
ඒ බව සඳහන් කළ මධ්‍යම මණ්ඩල අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, ‘අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ ඕනෑම ආකාරයක තත්ත්වයක් ඵලදායි ලෙස හැසිරවීමට අපි හොඳින් සන්නද්ධව සහ හොඳින් සූදානම්ව සිටිනවා’ යනුවෙන්.
මේ අතර නැඟෙනහිර වෙරළ තීරයේ ප්‍රති නැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරන කොළඹ වරාය මත යැපෙන ඉන්දීය භාණ්ඩ නැව් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ, ඉන්දියානු වෙරළ තීරයේ ප්‍රති නැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට අදාළ අංශ දැඩි ලෙස කැපවී සිටින බවයි.
එසේම, දැනටමත් පාරදීප් වරාය, විශාකාපට්නම් සහ චෙන්නායි වරායේ අපගේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට පටන්ගෙන තිබෙන බවත්, තූත්තුකුඩි වරායේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ද සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසූ බවද ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කර ඇත.
කෙසේ නමුත්, යුවාන් වැන්ග් 5 අධි තාක්ෂණික නෞකාවට අවශ්‍ය නාවික පහසුකම් ලබාගැනීම සඳහා හෙට (16) සිට 22 වැනිදා දක්වා හම්බන්තොට වරායේ රැඳී සිටීමට අවසර ලබාදීමට ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය කටයුතු කර තිබෙනවා.
hirunews