අද සවස 3ට ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
මේ තත්ත්වය වාර්තා වීමත් සමග විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද සවස යොදාගෙන තිබූ සක්වල වැඩසටහන යටතේ අවිස්සාවේල්ල කඩුගොඩ කණිෂ්ඨ විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ උත්සවය අවලංගු කොට පාර්ලිමේන්තුවේ රැදී සිටීමට තීන්දු කර ඇති බව දැනගන්නට ඇත.
යම් හෙයකින් මෙම විශේෂ ප්‍රකාශයේදී ජනාධිපතිවරයා විපක්ෂයට චෝදනා එල්ල කළහොත් ඒ මොහොතේම ජනාධිපතිවරයාට පිළිතුරු ලබා දීම මෙහි අරමුණ වී ඇති බව පැවසේ.
ඊයේ පෙරවරු 11ට විපක්ෂනායකවරයා පක්ෂ නායක රැස්වීමට සහභාගී වී සිටියදීද මේ ආකාරයට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට කටයුතු කළේය.
මේ බව සභාවේ සිටි චන්දිම වීරක්කොඩි මහතා විසින් විපක්ෂනායකවරයාට දුරකතන ඇමතුමක් මගින් දැනුම් දීමත් සමග වහාම පක්ෂ නායක රැස්වීමෙන් පිටව පාර්ලිමේන්තු රැස්වීමට පැමිණි විපක්ෂනායකවරයා ජනාධිපතිවරයාගේ චෝදනාවලට ඒ මොහොතේම පිළිතුරු ලබා දීමට පියවර ගෙන තිබිණ.










