රටේ ආර්ථික බංකොලොත්භාවය සහ ඊට හේතු වූ කරුණු සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කාරක සභාව හමුවේ පසුගිය දිනෙක මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්.ආටිගල කැදවා තිබිණ. Sri Lanka Latest News
එහිදී කාරක සභාවේ සාමාජිකයන් වන සාගර කාරියවසම්, ජයන්ත කැටගොඩ, සංජීව එදිරිමාන්න සහ ප්‍රදීප් උදුගොඩ යන මන්ත්‍රීවරුන් ආටිගල මහතාගෙන් ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබිණ.
කෙසේවෙතත් කාරක සභාව මෙසේ ප්‍රශ්න කර තිබුණේ රට බංකොලොත් කළ පිරිස සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තීන්දුවක් ලබා දී තිබියදී වීම විශේෂ සිදුවීමකි.
මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්.ආටිගල, හිටපු ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයින් යන අය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දු කළහ.










