පාස්කු ප්‍රහාරයට අදාළව පරීක්‍ෂණ කිරිමට පසුගිය රජය විසින් පත් කල කමිටු වාර්තා දෙකක් තමන් වෙතද ලබාදී ඇති බව අගරදගුරු මැල්කම රංජිත් කාදිනල්තුමන් පවසති.Sri Lanka Latest News
නමුත් එම වාර්තාවන්හිද තිබුණේ ඊට පෙර ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශම බවද පැවසූ අගරද ගුරුතුමන් ඊට අමතර නිර්දේශ දෙකක් කමිටුව වාර්තාවට එකතු කර තිබූ බවද සඳහන් කළේය.
වර්තමාන රජයේ ඉහළ තනතුරු දරන නිලධාරීන් දෙදෙනෙකුට දඬුවම් කළ යුතු බවටම එම නිර්දේශවල දැක්වුනු බවද පැවසූ අගරදගුරුතුමන් පාස්කු ප්‍රහාරය එක් එක් ආණ්ඩුවට වුවමනා ලෙස දේශපාලන වාසි තකා වාර්තා සකස් කර තිබූ බවත් පැවසූහ.
ඒ කිසිවක් පිළිගත නොහැකි බවත් වර්තමාන ජනාධිපතිවරයා අපක්ෂපාතී සාධාරණ පරීක්ෂණයක් ඒ ගැන සිදු කරන බවත් ඒ වෙනුවෙන් දෑස් ද ඇරගෙන බලා සිටින බවද අගරදගුරුතුමන් තවදුරටත් කියා සිටියහ.









