නීති විරෝධී ක්‍රමවලින් රුසියානු සහ යුක්‍රේන හමුදාවන්ට එක්නොවන ලෙස සියලු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට දැනුම්දී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.Sri Lanka Latest News
රුසියානු සහ යුක්‍රේන හමුදාවන්ට මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් එක්වන බවට තොරතුරු අනාවරණය වන අතර ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ කිසිදු සබඳතාවයක් නොමැති බව එම අමාත්‍යංශය නිවේදනය කර සිටියි.
ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින් රුසියානු සහ යුක්‍රේන හමුදාව සේවයට යොමු කිරීම සඳහා මෙරට හමුදාව සහ රුසියානු හමුදාව අතර කිසිදු එකඟතාවක් නොමැති පසුබිමක මෙවැනි සිදුවීම් මෙරට කීර්තිනාමයට හානියක් එල්ල කරන බව ද ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය
මෙම තත්ත්වය තුළ මෙරට හමුදා සාමාජිකයින්ට රුසියානු සහ යුක්‍රේන හමුදා සමග එක්නොවන ලෙස එම අමාත්‍යාංශය විසින් දැනුම් දී ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි










