සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක සාමාජිකයින් අද (01)උදෑසන 6.30 සිට පැය 4 ක් සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ. Sri Lanka Latest News
මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් , රසායනාගාර ශිල්පීන් , ඖෂධවේදීන් , විකිරණවේදීන් ඇතුළු වෘත්තීය සමිති සාමාජිකයින් ඊට ඇතුළත් ය.
මහනුවර ජාතික රෝහල, කුරුණෑගල , අනුරාධපුර , රත්නපුර ශීක්ෂණ රෝහල් සහ, බදුල්ල පළාත් මහ රෝහල යන රෝහල්වල අද පැය 4 වර්ජනය ක්‍රියාත්මක බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ ය.
මේ අතර, ජනාධිපති කාර්යාලය, සිය ඉල්ලිම් සම්බන්ධයෙන් අද දිනයේ සාකච්ඡාවකට කැඳවා ඇතැයිද ඔහු පැවසුවේ ය.
චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ, අද දහවල් 12 ට එම සාකච්ඡාව පැවැත්වෙන අතර එම සාකච්ඡාවේදි සිය ඉල්ලිම් සම්බන්ධයෙන් අවසන් පිිලිතුරක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
අද දිනයේ ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන සාකච්ඡාවේදී සිය ගැටලු සඳහා විසඳුම් නොලැබුණහොත් හෙට උදෑසන 6.30 ට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගකට එළැඹෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.










