තමන් මුණගැසීමට ඇල්කඩු වැවිලි සමාගමේ සභාපතිවරුන් නොපැමිණි බවත්, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් දෙදෙනකු පසුගියදා පැවැති පොහොට්ටුවේ සංවත්සර පිරිත් පිංකමට පැමිණ තමන් සමග කතාබහ කළ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ‘මව්රටනිව්ස්’ වෙබ් අඩවියට සදහන් කළේය.Sri Lanka Latest News
අද පෙරවරුවේ අප ඇල්කඩුව වැවිලි සමාගමට අදාළව පුවතක් පළ කිරීමෙන් අනතුරුව අප වෙත කතා කළ බැසිල් රාජපක්ෂ මහතා මේ බව සදහන් කර සිටියේය.
කෙසේවෙතත් කලකට පසු තමන් ඔවුන් දුටු බවට ඒ මොහොතේ ඔවුන්ට සදහන් කර සිටි බවද බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
තමන් කිසිදු අවස්ථාවක දූෂිත පුද්ගලයන් ආරක්ෂා කරන පුද්ගලයකු නොවන බව කී බැසිල් රාජපක්ෂ මහතා චෝදනා ඇත්නම් ඔනෑම අයකු ඉවත් කළ යුතු ස්ථාවරයේ තමන්ද සිටින බව අවධාරණය කර සිටියේය.