වී අලෙවි මණ්ඩලය සඳහා නව සභාපතිවරයකු පත්කර තිබුණ ද හිටපු සභාපතිවරයා තවමත් සේවයෙන් ඉවත් වීමට සුදානමක් නොමැති නිසා නව සභාපතිවරයාට සේවයට වාර්තා කිරිමට නොහැකි වි ඇතැයි ද වී මණ්ඩලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට අසමත් වීම, දුෂණ හා අක්‍රමිකතා සම්බන්ධ විමර්ශන ප්‍රමාද කිරිම ඇතුලු චෝදනා කීපයක් පදනම් කරගනිමින් ඇමතිවරයා හිටපු සභාපති නීල්ද අල්විස් මහතා ඉවත් කර ඇති බවද ඒ අනුව නව සභාපති ලෙස බුද්ධික මඩිහේවා මහතා පත්කර ඇති බවද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් එම්.බී.ආර්.පුෂ්පකුමාර මහතාත් කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතාත් සඳහන් කළේ එකිනෙකට පරස්පර අදහස් දෙකකි.
කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළේ නව ඇමතිවරයෙක් පත්වු පසු සියලු ආයතනවල සභාපතිවරු මාරු කරන සාමාන්‍ය ක්‍රමවේදය අනුව නීල්ද අල්විස් මහතා ඉවත් කළ බවය.
කෘෂිකර්ම ඇමතිවරයා සඳහන් කළේ වී මීලදී ගැනීමේදි රාජ්‍ය බැංකුවලින් නිසි සහයෝගයක් නොලැබෙන නිසා තවදුරටත් තමන් මෙම තනතුරු දැරීමේ තේරුමක් නැතැයි පවසමින් අල්විස් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වු බවය. -ලං