විදුලිය විසන්ධි කිරීමේ නිරතව සිටි සේවකයන් දෙදෙනෙකුට මදුරන්කුලිය, මුක්කුතොඩුවාව ප්‍රදේශයේ දී වැලි ව්‍යාපාරිකයකු ඇතුළු පිරිසක් පහරදීමෙන් තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව මදුරන්කුලිය පොලිසිය කියයි. (Sri Lanka Latest News)
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේලංකා විදුලි බල මණ්ඩලයේ පුත්තලම විදුලි අධිකාරි කාර්යාලයට අනුයුක්තව විදුලි විසන්ධි කිරීමේ කටයුතුවල නිරතව සිටි සේවකයන් දෙදෙනකු බවද සඳහන්ය.
වැලි ව්‍යාපාරිකයාගේ ව්‍යාපාරික ස්ථානයේ පසුගිය මාසයක විදුලි බිල නොගෙවීම හේතුවෙන් අදාළ ස්ථානයේ විදුලිය විසන්ධි කර පිටව යාමට පැමිණෙමින් සිටියදී දණ ගස්සවා පහර දී ඇති බව කියයි.
අදාළ ස්ථානයට ගිය විදුලි විසන්ධි කිරීමේ සේවකයන් දෙදෙනා පවසන්නේ විදුලිය විසන්ධි කිරීමට පෙර එම ස්ථානයේ කාන්තාවක දැනුවත් කිරීමෙන් පසු විදුලිය විසන්ධි කළ බවත්, බිල ගෙවීමෙන් පසු නැවත විදුලිය ලබාදීමට පැමිණෙන බව පැවසූ බවයි.
විදුලිය විසන්ධි කිරීමෙන් පසු එම ස්ථානයෙන් පිටතට යමින් සිටි නිලධාරීන් දෙදෙනාට වැලි ව්‍යාපාරිකයා ඇතුළු සිව්දෙනෙකු පරුෂ වචනයෙන් බැණ වදිමින් කඩාවැදී පහර දුන් බවට පොලිසියට මෙම සේවකයන් පැමිණිලි කර ඇත.
මෙම ව්‍යාපාරිකයා ඇතුළු පිරිස පහරදෙන අතර තවත් පිරිසක් එය වැළැක්වීමටත් උත්සහ දරා තිබේ.
අදාළ ව්‍යාපාරිකයා හා ඔහුගේ සේවකයන් ඇතුළු පිරිසගේ පහරකෑමට ලක්වූ එක් විදුලි විසන්ධි කිරීමේ නිලධාරියකුගෙ නාසයට දරුණු තුවාල සිදුව තිබූ බව කියයි.එම නිලධාරියාට ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිත බව ද රෝහල් බලධාරියෙක් කීය.
මෙම සිද්ධියට සම්බන්ධව මදුරන්කුලිය පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිසිය කියයි.
gossiplankanews










