මන්නාරම් ප්‍රදේශයේ මෙගාවොට් 500ක සුළං විදුලි බලාගාරයක් සෑදීම සඳහා රාජ්‍ය ගිවිසුමක් කියා තරගකාරී ක්‍රමවේදයෙන් බැහැරව ඇ. ඩොලර් ශත 8.26ක මුදලකට එම ගිවිසුම ලබා දීමට රජය එකඟ වී ඇති බවත් තරගකාරී ක්‍රමවේදයෙන් ගියොත් මීට වඩා අඩු මුදලක් ලබා ගත හැකි බවට සමගි ජන බලවේගය පැවසුවත් ඒ කිසිවක් රජය නොතකා කටයුතු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
විදුලි බල මණ්ඩලය මෙගාවොට් 50ක විදුලි බලාගාරයක් වෙනුවෙන් තරගකාරී ක්‍රමයට ටෙන්ඩර් කැදවා තිබුණත් මෑතක් වන තුරු එම ටෙන්ඩර් විවෘත නොකර සිටි බවත් එයට හේතුව මේ අනීතික ගිවිසුම අත්සන් කිරීමට වුවත් පෙරේදා විදුලිබල මණ්ඩලයේ මෙගාවොට් 50 තරගකාරි ටෙන්ඩරයේ මිල විවෘත කර බැලූ විට මෙගාවොට් 50ක මිල ගණන වී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් ශත 4.8ක් බවත් තරගකාරීත්වයෙන් තොරව ගිය මෙගාවොට් 500 ව්‍යාපෘතියේ මිල ගණන් වන්නේ ඇමෙරිකානු ඩොලර් ශත 8.26ක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඒ අනුව රජයේ හොරකම එළිපිටම සිදුව ඇති බවත් මේ මෙගාවොට් 50 මිල ගණන් දැන ගන්නා තුරු මෙගාවොට් 500 මිල ගණන් තීන්දු කරන්න එපා යැයි සමගි ජන බලවේගය පැවසුවත් එවා නොඅසා කැබිනට් එක අනීතිකව කමිටුවක් පත් කර දෙවැනි ටෙන්ඩරයේ මිල එළියට එන්නට පෙර මෙගාවෙට් 500 ඉහළ මිල අනුමත කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ වන විට මහජන උපයෝගිතා කොමිසම ඒ සියල්ල නතර කර ඇති බවත් ඔවුන් මෙගාවෙට් 500 තරගකාරීත්වයෙන් තොරව ගිය ගමනේ ගිවිසුමත් නීතිපතිගේ එකගතාවත් විමසා ඇති බවත් මේ සියල්ලට තවම පිළිතුරු නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙි බව කියා සිටියේ (28) රත්නපුරයේ පැවැති සමගි රණවිරු බලවේගයේ 7 වැනි දිස්ත්‍රික් සභා රැස්වීම අමතමිනි.
මේ වැඩිවුණ ඇ. ඩොලර් ශත ප්‍රමාණය හොරා කෑවේ කවුද කියා දැනගත යුතු බවත් ලැජ්ජා නැතිව ගජමිතුරු ගිවිසුමකට එළැඹුණු අය කවුද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මෑත කාලයේ විවිධ වරදාන වරප්‍රසාද ලබා දෙන බවත් රටේ දේපල රටේ සම්පත කුණු කොල්ලයට තරගකාරී ක්‍රමයක් නොමැතිව අලෙවි කරන බවත් බියර් පර්මිට් බාර් පර්මිට් ලබා දෙන බවත් මෙවර ජනාධිපතිවරණ ජයෙන් පසුව සමගි ජන බලවේගය මේ සියලු අනීතික ක්‍රියා අවලංගු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රට බේරා ගත් මානුෂීය මෙහෙයුමට නොදෙවෙනි මෙහෙයුමක් නැවතත් කරන්න වෙනවා
මේ වන විට රටේ ඇති බංකොලොත්භාවයට ප්‍රධාන හේතුව වන්නේ රටේ සම්පත් හා දේපල මහදවල් අමු අමුවේ කොල්ලකාපු කණ්ඩායම් රාජ්‍ය රැකවරණය තුළින් අධි සුඛෝපභෝගී ජීවිත ගත කරන මොහොතක ලක්ෂ 220ක් ජනතාව කරපිට අසීමිත බදුබර පැටවීම නිසා බවත් රටේ ලක්ෂ 220 වෙනුවෙන් කිසිදු ප්‍රායෝගික තිරසර විසඳුමක් රජයට නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රණවිරුවන්ගේ මානුෂීය මෙහෙයුම හරහා තිස් වසරක යුද සාපය අවසන් වී රට සුරක්ෂා වූවා සේ දූෂිතයන්ගෙන් මංකොල්ලකාරයන්ගෙන් වංචනිකයන්ගෙන් මූල්‍ය ඝාතකයන්ගෙන් රට බේරා ගන්නා ඊළඟ මෙහෙයුමට නායකත්වය ලබා දෙන්න පෙරට එන ලෙසත් මේ අය කළ දූෂණ වංචාවලට අධිකරණය හමුවේ පිළිතුරු ලබා දිය යුතු බවත් රටට අහිමි වූ සම්පත් දේපල නැවත වරක් රටට ලබා ගැනීමට කටයුතු කරනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
හොරු අල්ලනවා කියා කමිටුවල සිටි කයිය නායකයොත් දැන් ඩීල් දානවා
හොරු අල්ලනවා කියා පැමිණි කණ්ඩායම් හා හොරු අල්ලන දූෂිත කමිටුවේ සභාපතිවරයා එදා හොරු අල්ලන්නේ නැතිව දැන් රට වටේ හොරු අල්ලනවා කියමින් යන බවත් ඔවුන් හොරුත් එක්ක ඩීල් දමමින් යන බවත් මේ හොරුත් එක්ක ඩීල් දාන අය සමගි ජන බලවේගය වගකීම් බාර නොගත් බවට චෝදනා කරන බවත් සමගි ජන බලවේගය රටේ වගකීම බාර ගන්නේ හොරුන්ගේ කරපිටින් නොව ජනතාවගේ ජන වරමින් බවත් හොරුන්ගේ කරපිටින් රජමාළිගාවලට ගිය අයත් හොරකම් කරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරු වෙනුවෙන්ම වෙන් වූ ජනාධිපති කාර්ය සාධන බලකායක්
ජනාධිපතිවරණය ජය ගෙන පැය 48ක් තුළ රණවිරුවන් වෙනුවෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකායක් ස්ථාපිත කර රණවිරුවන් මුහුණ දෙන ගැටලුවලට මාස 3ත් 6ත් අතර කාල සීමාව තුළ තිරසර විසඳුම් ලබා දීමේ කඩිනම් වැඩසටහනකට යොමු වන බවත් රටේ භෞමික අඛණ්ඩතාව, ජාතික ආරක්ෂාව, ස්වාධීනත්වය, ස්වාධිපත්‍ය සුරකින්නට කටයුතු කළ රණවිරුවන්ට උද්ඝෝෂණය කිරිම අවශ්‍ය නොවන බවත් ඔවුන්ට ගැටලුවක් ඇත්නම් සෘජුවම ජනාධිපති කාර්යාලයට පැමිණ රටේ සේනාධිනායකයාට ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රණවිරු සුබසාධනයට නව වැඩපිළිවෙළක්
වන් රෑන්ක් වන් පෙන්ෂන් වැඩසටහන ක්‍රියාත්මක කර වසර 5ක සේවා දායකයින් සහ වසර 12ක සේවා දායකයින්ට පාරිතෝෂිත දීමනා ක්‍රමයක් ආරම්භ කර සෑම දිස්ත්‍රික්කයකම ප්‍රධාන රෝහල් පද්ධතියේ රණවිරුවන් වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය සේවා ඇති කරන බවත් රණවිරු සේවා අධිකාරිය, අධිකාරියක් ලෙස නොව දෙපාර්තමේන්තුවක් ලෙස ක්‍රියාත්මක කරන බවත් සෑම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයකම රණවිරු සහන සේවා විමධ්‍යගත කර ඔවුන් කාර්යාල වෙත එනවා වෙනුවට ප්‍රදේශීය ලේකම් කාර්යාල හරහා ස්ථාවර විසඳුම් ලබා දෙන ප්‍රායෝගික කාර්යක්ෂම වැඩසටහනක් සඳහා යොමුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රණවිරුවන් වෙනුවෙනුත් ව්‍යවසායකත්ව වැඩසටහනක්
රණවිරුන් ඔවුන්ට ලැබෙන විශ්‍රාම වැටුපට පමණක් සීමා නොවී රණවිරුවන් ද ව්‍යවසායකයකු ලෙස ජන සමාජයේ ඉහළ ආදායම් ලබන පුරවැසියකු ලෙස ප්‍රතිනිර්මාණය කරන බවත් දිස්ත්‍රික් මට්ටමින් රණවිරු සහන අරමුදලක් ගොඩනගා එහි පොලි ආදායමෙන් රණවිරු ප්‍රජාවට සහන ලබා දෙන නව වැඩසටහනකට මුල පුරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.