ඉදිරි රජයක් යටතේ මත්පැන් සහ සිගරට් සදහා නිසි බදු ප්‍රතිපත්තීන්ට යටත්ව නව බදු ක්‍රමයක් හදුන්වා දීමට සමගි ජන බලවේගය තීන්දු කර ඇත.
දැනට අරක්කු සිගරැට් මත පනවා ඇත්තේ අනෙකුත් භාණ්ඩවලට සාපේක්ෂව ඉතා අඩු බදු ප්‍රතිශතයකි.
මේ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අනාවරණය කර සිටියේය.
බොහෝ දෙනාගේ චෝදනාව වී ඇත්තේ මෙම අරක්කු සිගරුට් නිෂ්පාදකයන් ඒ ඒ ආණ්ඩුවල මුදල් අමාත්‍යංශ ඇතැම් නිලධාරීන්ට සහ විවිධ ඇමැතිවරුන්ට වරදාන, වරප්‍රසාද, සන්තෝසම් ලබා දී මෙසේ අඩු ප්‍රතිශතයකින් බදු පනවා ඉතා අධික ලාභයක් ඉපයීමට කටයුතු කරන බවකි.
ඉකුත් කාල වකවානුව පුරා එම සමාගම් කටයුතු කර ඇත්තේ එවැනි ආකාරයට බවත්, ඒ පිළිබද විශේෂ හෙළිදරව් කිරීම් රැසක් ඉදිරියේදී සිදු කිරීමට සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් සූදානමින් සිටින බවත් දැනගන්නට ඇත.










