• About us
  • Contact us
Wednesday, July 29, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ රට බංකොලොත් වෙන්න පටන් ගත්තේ මහබැංකු මහා මංකොල්ලයෙන් පසුවයි! ඩඩ්ලි සිරිසේනගෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක්! ඒ වුණාට මහ හොරු ටික නිදැල්ලේ හොඳට ඉන්නවානේ..! VIDEO I Sri Lanka Latest News

August 13, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
මේ රට බංකොලොත් වෙන්න පටන් ගත්තේ මහබැංකු මහා මංකොල්ලයෙන් පසුවයි! ඩඩ්ලි සිරිසේනගෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක්! ඒ වුණාට මහ හොරු ටික නිදැල්ලේ හොඳට ඉන්නවානේ..! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ පා සිටින ආර්ථික අර්බුදයට මුලපිරුණේ 2015 වසරේ මහබැංකු බැඳුම්කර සිද්ධියෙන් බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.Sri Lanka Latest News

ඒ බැඳුම්කර සිද්ධිය නිසා බැංකු පොලී අනුපාත විශාල වශයෙන් ඉහළ ගිය බවත් ඒ හේතුවෙන් පසුව පැමිණි අර්බුදවලට මුහුණ දීමට රටේ ව්‍යාපාරිකයින්ට ආර්ථික ශක්තියක් නොමැති වූ බවත් ඒ මහතා කරුණු පැහැදිලි කරමින් සඳහන් කළේය.

”අද අපි රටක් වශයෙන් මුහුණ දීලා තියෙන මේ ආර්ථික අර්බුදය, මේක හරි බැරෑරුම් ප්‍රශ්නයක් සහෝදරවරුනි. මේක එක එක්කෙනා එක එක විදිහට කියනවා, මම මෙව්වා බොහොම ප්‍රසිද්ධියේ කියන්නෙ, මේ රටට වුණ හානිය පිළිබඳව, මේ රටට මේ කරපු හානිය පිළිබඳව අපි දැක්කෙ 2015දී. 2015දී මම හිතුවා – මගේ අයියා පිළිබඳව මම හොඳටම දන්නවා – මේ කරපු හානියෙන් මේ ප්‍රතිඵල එන බව මට එදා තේරුණා. මම ඒක දැකලා මගේ ජීවිත පරිත්‍යාගයෙන්, මගේ ඔය දේපොළද, මිල මුදල්ද, පවුලද, දරුවොද සියල්ල පැත්තකින් තියලා 2015 අපි මේ සටන කළා මේ රටට යහපතක් කරන්න. ඒ යහපතේ ප්‍රතිඵල ලැබුණා මාස එකහමාරෙන්. අයියා ජනාධිපති වුණා ජනවාරි 08 වෙනිදා, පෙබරවාරි 27 වෙනිදා කෙළලා දැම්මා මහබැංකුවට. මම ඇහුවා – මම මෙව්වා ඔයාලා ඉස්සරහා විතරක් නෙවෙයි, මේ මාධ්‍ය තුළ ඕනෙ තැනක කියනවා, ඕනෙ කෙනෙකුට එන්න පුළුවන් නම් මගෙත් එක්ක මේවා කතා කරලා තේරුම් කරලා දෙන්න – අද ඔයාලා මේ අපි, මේ ආර්ථික වශයෙන් රට වැටිලා තියෙන තත්වයට පළවෙනි මේ රටේ වුණ ප්‍රශ්නය තමයි 2015 පෙබරවාරි 27 වෙනිදා මේ බැංකු ණයට කරපු මේ අපරාධය. අපි ව්‍යාපාරිකයො වශයෙන් මම ඒ කාලෙ ණය ගත්තෙ 8% පොලියට. 8% කියපුවාම ඔයාලා හිතයි මේක විශේෂ දෙයක් කියලා, AWPR+ කියන ණයක් තියෙනවා, ඔයාලාත් ගිහිල්ලා මැනේජර් මහත්තුරුන්ගෙන් අහන්න, ඒ ණය අපට දෙන්න කියන්න, හැබැයි මාසෙන් මාසෙට සම්පූර්ණ පොලිය දාන්න ඕනෙ. අරක වාර්ෂිකව හදලා කොටස් කරලා දෙන එකක් වාගෙනෙ අපි ඔය මාසිකව ගෙවන එක. අපි ඒ පොලිය 8% ට ගනිද්දී ඔයාලා මේ සාමාන්‍ය ලෝන් එකක් ඔයාලා ගත්තෙ 12% – 14% ට. ඔය කරපු අපරාධයෙන් 8% හිටපු අපි කෙළින්ම ආවා 14% ට. දාහතරයි දශම ගාණකටත් ගියා ඒ කාලෙ විදිහට. 12% – 14% ට ඉඳපු ඔයාලාට යන්න වුණා 18% – 20% ට. ඔයාලාගෙ ඔය ව්‍යාපාර තුළත් අද මේ රටේ ඇතිවෙලා තියෙන ආර්ථික අර්බුදය තුළත් අපේ ව්‍යාපාරිකයින්ට ආර්ථික වශයෙන් මුහුණ දීමට තිබ්බ ශක්තිය ප්‍රථමයෙන්ම විනාශ කළේ ඒ මහබැංකු ගනුදෙනුවෙන් කියන එක මම මේ රටේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙක් වශයෙන් ඕනෑම කෙනෙක් එක්ක තර්ක කරන්න අවශ්‍ය නම් මම ලෑස්තියි කියන එක මම විශේෂයෙන්ම ප්‍රකාශ කරනවා.

ඒ ඇතිවුණු ආර්ථික වැටීමත් එක්ක 2018 දිගන ඇතිවුණු සිංහල – මුස්ලිම් ප්‍රශ්නෙත් එක්ක මේ රටේ සංචාරක ව්‍යාපාරය පහතට ඒම ආරම්භ වුණා. 2019 ඇතිවුණු සහරාන්ගේ ත්‍රස්තවාදී ක්‍රියාවත් එක්ක අපි තවත් අසරණ වුණා. 2020 – 2021 ලෝකයක් වශයෙන්ම පැතිරුණු කොවිඩ් රෝගයත් එක්ක අපි තවත් අසරණ වුණා. 2022 – 2023 වෙද්දී මේ රටේ ලොකු අරගලයක් ඇවිල්ලා ප්‍රශ්න ඇතිවුණු ස්වභාවය ගැන මට කියන්න තියෙන්නෙ, රට ලොක්ඩවුන් වුණා. ඩීසල්, පෙට්‍රල්, කරන්ට් එක නැතිව රට නැවතුණා. 2015 පෙබරවාරි 27 වෙනිදා, අපි මේ රට බේරාගන්න පත් කරගත්තු නායකයින් විසින් – මම හිතන විදියට මෛත්‍රීපාල සිරිසේන ඒකට සම්බන්ධ නෑ – ඒ ඇති කරපු ආර්ථික තත්වය යටතේ අපි ආර්ථික වශයෙන් මහත් පරිහානියකට පත්වුණා. ඊළඟට නව රජයක් පත්වුණා මෑතකදී, ඒ රජය පත්වෙන්න පෙර තාවකාලික ජනාධිපතිවරයෙක් විදියට පත්වුණා රනිල් වික්‍රමසිංහ. එතුමා නම් මේකට වගකිව යුතුමයි.

ඒ පත්වෙච්ච ස්වභාවයත් එක්ක ඔය IMF එක කියන යෝජනාවලියක් මේ රට තුළ ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. ඒ යෝජනාවලියේ තියෙන මූලික ලක්ෂණය බදු ප්‍රතිශත වැඩිකරනු ලැබුවා. අර ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වාගේ අවුරුදු ගණනාවක් ආර්ථික වශයෙන් පරිහානියට පත්වුණු අපේ ව්‍යාපාරිකයින්ට මේ වාගෙ ප්‍රශ්නෙකුත් ඇතිවුණා. නමුත් දැන් කරන්න දෙයක් නෑ, මේ දේ කළ යුතුමයි. ඒක නිසා මේ ආර්ථික අභියෝගය මේ වත්මන් ජනාධිපතිවරයාගේත්, මේ පවතින රජයේත් ප්‍රශ්නයක් ගැටලුවක් විදියට සලකන්න එපා සහෝදරවරුනි, මේ ආර්ථික අභියෝගය ජයගත යුත්තේ අපි විසින්මයි. මේ ආර්ථික අර්බුදය ජයගැනීමට නම් අපි අතිමහත් කැපකිරීමක් කළ යුතුමයි. වැඩකරන වැඩබිමක් විය යුතුයි මේ මුළුමහත් ලංකාවම. මේ රටම සංචාරක පුරවරයක් විය යුතුයි. එහෙම නැතිව තව කාගෙවත් දිහා බලාගෙන ඉඳලා මේ ආර්ථික අභියෝගය ජයගන්න බැරිවුණොත් ඔයාලාගෙ අපේ කාලය කෙසේවෙතත් අපි විසින් මේ ලෝකෙට දායාද කරපු දරුවන්ගෙ අනාගතය ගැනත් අතිමහත් ගැටලුවක් එනවා. ඒක නිසා මේ ආර්ථික අභියෝගය ජය අරගෙන මේ රට අපිට අහිමිවුණු ඒ වැදගත් අනාගතය අපේ දරුවන්ට අරන් දීමට අපි එක කණ්ඩායමක් විදියට එකතුවෙලා වැඩකරමු කියන යෝජනාව තමුන්නාන්සෙලා ඉදිරියේ තබනවා”

ඩඩ්ලි සිරිසේන මහතා මේ බව පැවසුවේ පසුගියදා කුරුණෑගලදී පැවති වයඹ වෙළඳ සංගමයේ වාර්ෂික සුහද හමුවේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් එම හමුව අමතමිනි.

SendShareShare
Previous Post

පුටුවෙන් බැහැලා යන දිනය ගැන අනුරයි-ඇමැතිවරුයි ප්‍රසිද්ධියේ කියන කතාවලට මුජිබර් උත්තර බඳී! එහෙම යන්න දෙන්නෙ නෑ! එහෙම කොහෙ යන්නද? කරන්න පුළුවන් කියලනේ බාරගත්තේ! නාහෙන් අඬන්නෙ නැතිව දැන් කරලා පෙන්වන්න! කුමන්ත්‍රණය තියෙන්නේ ආණ්ඩුව පෙරළන්න නෙමෙයි.. ආණ්ඩුව තියාගන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

කෑලි කෑලි එකතු කරපු මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විහිළුවක්! හරිනි විහිළු රැජිනක්! බොරු කියලා කියලා මාලිමාව ඇවිත් කරපු හරිය මෙන්න! සජබ රජයක් යටතේ කරන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

දෙවිනුවර කාවඩි නටන්න ආ මීගමුවේ අයකු මත්ද්‍රව්‍ය එක්ක අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපතිවරු පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න දයාසිරි අලුත් සටනක් අරඹයි! ජනාධිපති වරප්‍රසාද යටතේ ගේකුත් ‌ලැබෙනවා! පඩියකුත් ලැබෙනවා! වාහනයකුත් ලැබෙනවා! ආරක්ෂාවකුත් ලැබෙනවා! ඒකත් අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් මන්ත්‍රීකමේත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද හිරේ ගියේ සමථ මණ්ඩලයට යන්න තිබ්බ දෙයකට! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

මධ්‍යම අධිවේගියේ පොතුහැර-රඹුක්කන කොටස හදන්න පටන් අරන්! බිම් සකස් කිරීම අවසන් අදියරේ! කාපට් කරන්න සියල්ල ලෑස්තියි! 2027 ජනවාරියේ වාහනේ යන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කහතුඩුවෙන් රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකරන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි! I Sri Lanka Latest News

වලාන බාර ගත් ASP ඕලුගලට හදිසි කරදරයක්! ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ! I Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ ප්‍රධාන ගෝලයා සයිමා මැලේසියාවේදී අල්ලා ගනී! අරන් එන්න ඕලුගල ඇතුළු කණ්ඩායමක් මැලේසියාවට! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

දෙවිනුවර කාවඩි නටන්න ආ මීගමුවේ අයකු මත්ද්‍රව්‍ය එක්ක අල්ලයි! VIDEO I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහරේ කාවඩි නර්තන කණ්ඩායමක සාමාජිකයකු මත්ද්‍රව්‍ය සමග අද (28) දහවල් අත්අඩංගුවට ගත් බව...

Read more
හිටපු ජනාධිපතිවරු පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න දයාසිරි අලුත් සටනක් අරඹයි! ජනාධිපති වරප්‍රසාද යටතේ ගේකුත් ‌ලැබෙනවා! පඩියකුත් ලැබෙනවා! වාහනයකුත් ලැබෙනවා! ආරක්ෂාවකුත් ලැබෙනවා! ඒකත් අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් මන්ත්‍රීකමේත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

චමින්ද හිරේ ගියේ සමථ මණ්ඩලයට යන්න තිබ්බ දෙයකට! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

චමින්ද බදුල්ල බන්ධනාගාරයට අරන් ගිය හැටි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගම් දිගට හරහට විරුද්ධ වෙද්දී ‘ජනවරමේ නීතීඥයෝ’ විනිසුරු විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට පක්ෂ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගම් දිගට හරහට විරුද්ධ වෙද්දී ‘ජනවරමේ නීතීඥයෝ’ විනිසුරු විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට පක්ෂ වෙයි! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

තීන්දුව යළි සලකා බලන්න! යාපන නීතීඥ සංගමයෙන් අනුරට ලියුමක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.