ආණමඩුව සතොස ආයතනයට පුද්ගලික අරක්කු නිෂ්පාදන සමාගමක් විසින් රැගෙන ආ අරක්කු තොගය බෑමට ඉඩ නොදී ආණමඩුව ප්‍රාදේශයේ ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ ආධාරකරුවන් බව කියන පිරිසක් කඩු පොලු රැගෙන විත් ආපසු හරවා පන්නා දැමූ බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි ආණමඩුව පොලිසිය කියයි.
මෙසේ අදාළ අරක්කු තොගය ආපසු හරවා යවා ඇත්තේ ආණමඩුව ප්‍රාදේශීය සභාවේ පාලක පක්ෂයේ ප්‍රබල දේශපාලනඥයකුගේ ආධාරකරුවන් පිරිසක් බව පොලිසිය කියයි.
ආණමඩුව සතොස ආයතනයට අරක්කු අලෙවිය සදහා ලැබුණු බලපත්‍රයකට අනුව අරක්කු පළමු තොගය සතොසට රැගෙන විත් ඇති නමුත් එය සතොසට නිකුත් කිරීමට සුදානම් වන අවස්ථාවේ එම ස්ථානයට කඩා වැදි ඇති දේශපාලනාඥයක්ගේ ආධාරකරුවන් බව කියන පිරිස අදාළ ලොරිය ආපසු හරවා යන ලෙසට තර්ජනය කර ඇති බව කියයි.
මෙයට හේතු වි ඇත්තේ එම දේශපාලනඥයාගේ ද අරක්කු අලේවි කිරීමේ ස්ථානයක් ආණමඩුව නගරයේ පිහිටා තිබිම බවත් සතොස ආයතනයට අරක්කු ලබා දිමේන් පසු එහි අලේවිය පහත වැටිම හේතුවෙන් මෙසේ සිදුකර ඇති බව වාර්තා වෙයි.










