දිවයින පුරා රෝහල් 100ක හෙද හෙදියන් අද (28) දිනයේ පැයක කාලයක් වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සදහන් කළේ මධ්‍යහන 12.00 සිට 1.00 දක්වා වර්ජනයේ නිරතවීමට තීරණය කළ බවයි.
ඉල්ලීම් වලට රජයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම පියවර ගත් බව ඔහු පැවසීය.
කෙසේ වෙතත් අත්‍යාවශ්‍ය ප්‍රතිකාර සේවාවල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා හෙද හෙදියන් රාජකාරි කටයුතු වල නිරන වන බව සමන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් සදහන් කරයි.










