ඕස්ට්‍රේලියාව බලා පියාසර කරමින් තිබූ වර්ජින් ඕස්ට්‍රේලියා ගුවන් සේවයට අයත් බෝයිං 737-800 වර්ගයට අයත් ගුවන් යානයක එන්ජිමක උඩු ගුවනේදී ගින්නක් හට ගැනීම හේතුවෙන් නවසීලන්තයේ ඉන්වර්කාගිල් ගුවන් තොටුපොළට ගොඩබා ඇත.Sri Lanka Latest News
ගුවන් යානය නවසීලන්තයේ ක්වීන්ස්ටවුන් නගරයේ සිට ඔස්ට්‍රේලියාව බලා පියාසර කර ඇති බවත් ගමන් අරඹා විනාඩි 50 ක් පමණ ගතවන විට එම ගුවන් යානයේ එක් එන්ජිමක ගින්නක් හටගෙන ඇති බවත් ඉන්වර්කාගිල් ගුවන් තොටුපොළ බලධාරීහු ප්‍රකාශ කළහ.කෙසේ වෙතත් ගින්න ඇති වීමට හේතුව හෝ ගින්න ඇතිවන අවස්ථාවේ ගුවන් යානයේ ගමන් ගත් මගී සංඛ්‍යාව ප්‍රසිද්ධ කර නොමැත.
වර්ජින් ඕස්ට්‍රේලියා ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ පක්ෂියෙකු එන්ජිම තුළට ඇදී යාමෙන් ගින්න ඇති වන්නට ඇතැයි අනුමාන කරන බවයි.