• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තමන්ගෙම තැනක්.. ලස්සන ජීවිතයක්..! අනුර යාපනයේදී ගෙවල් හදන වැඩේ පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

January 16, 2026
in Exclusive
Reading Time: 20 mins read
A A
තමන්ගෙම තැනක්.. ලස්සන ජීවිතයක්..! අනුර යාපනයේදී ගෙවල් හදන වැඩේ පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පුරාවස්තු හෝ ආගමික ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් අද දවසේද, තැනින් තැන ජාතිවාදී ගැටුම් ඇවිළවීමට ඇතැමුන් උත්සාහ කළද උතුරේ, දකුණේ නැගෙනහිර හෝ කවර ප්‍රදේශයක වුවද කිසිදු අන්දමකින් ජාතිවාදයට යළි ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.Sri Lanka Latest News

එසේම යුද්ධයෙන් අවතැන් වී සිටින සියලු ජනතාවගේ නිවාස ප්‍රශ්නය තම පාලන කාලය තුළ විසඳන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ යුද්ධයෙන් අවතැන්වූ උතුරු සහ නැගෙනහිර පවුල් නැවත පදිංචි කිරීම වෙනුවෙන් නිවාස 2500ක් ඉදිකිරීම ඇතුළුව රට පුරා නව නිවාස 31,218 ක් ඉදිකිරීමේ ‘තමන්ගෙම තැනක්-ලස්සන ජීවිතයක්’ ජාතික නිවාස වැඩසටහන 2026 සමාරම්භක අවස්ථාවට අද (16) පෙරවරුවේ චාවකච්චේරිය, මීසාලේ, වීරසිංහ ප්‍රාථමික විදුහල් ක්‍රීඩාංගණයේදී එක් වෙමිනි.

මෙහිදී නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ, ධීවර , ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් යන මහත්වරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතින් යුද්ධයෙන් අවතැන් වූ යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 800ක් වෙනුවෙන් නිවාස ඉදිකර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 20ක් ලබා දීමේ වැඩසටහනේ පළමු අදියර යටතේ රුපියල් ලක්ෂ 03 බැගින් වූ චෙක්පත් ප්‍රදානය සිදු කෙරුණි.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ උතුරු පළාත පුළුල් සංවර්ධනයකට ගෙන එමින් එහි ජන ජීවිතය ඉහළට ඔසවා තැබීමේ වැඩපිළිවෙළ මේ වන විට රජය ක්‍රියාත්මක කර තිබෙන බවයි.

ඉතා මනරම් වෙරළ තීරයකින් සහ ආකර්ෂණීය ස්ථාන රැසකින් පිරි ඇති යාපනය දිස්ත්‍රික්කය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා ඉහළ විභවතාවක් තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් පලාලි ගුවන් තොටුපොළ ප්‍රතිසංස්කරණයට කටයුතු කරන බවත්, කන්කසන්තුරේ වරායේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් සඳහන් කළ අතර ඒ වෙනුවෙන් ඉන්දියානු රජය යටතේ ඩොලර් මිලියන 60ක ආධාරයක් ලබා දීමට එකඟතාව පළ කර තිබෙන බවද පැවසීය.

පළමු වතාවට උතුරේ ජනතාව විශ්වාස කරන ආණ්ඩුවක් අද රට තුළ නිර්මාණය වී ඇති බව මෙහිදී වැඩිදුරටත් සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම විශ්වාසය බිඳ වැටීමට කිසිදු අයුරකින් ඉඩ නොතබන බවත්, බිඳුණු හදවත් යා කරමින් සහ සැකය හා අවිශ්වාසය තුරන් කරමින් දරුවන් වෙනුවෙන් ගැටුම්වලින් තොර, සමඟියෙන් ජීවත්විය හැකි රටක් ගොඩනඟා දීමට එක්වන ලෙස සියලු දෙනාට ආරාධනා කරන බවත් පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා

යුද්ධයේදී විශාල නිවාස ප්‍රමාණයක් හානියට පත් වුණා. නමුත් විශාල කාලයක් ගතවී තිබුණත් එම නිවාස මුළුමනින් ඉදිකර අවසන් කර නැහැ. මම දන්නවා මේ යාපනයේ දිස්ත්‍රික්කයේ ජීවත්වන ජනතාව යුද්ධය කාලයේත් අවතැන්වී සිටියා. යුද්ධයෙන් පසුවත් අවතැන් වී සිටිනවා. දීර්ඝ කාලයක් තමන්ගේම වූ නිවසක් නොමැතිව, තමන්ටම වූ තැනක් නොමැතිව පවුලක් ජීවත් වීම එතරම් යුක්ති සහගත දෙයක් නොවෙයි. ඒ නිසා අපේ කාලය ඇතුළත, යුද්ධයෙන් අවතැන්වී සිටින සියලු ජනතාවගේ නිවාස ප්‍රශ්නය අපි විසඳනවා.

මම දන්නවා මේ ප්‍රදේශවල සිටින ජනතාව විශාල බලාපොරොත්තුවකින් සහ අපේක්ෂාවකින් යුතුව මේ ආණ්ඩුව පත් කර ගැනීමට දායකත්වය ලබා දුන්නා. දීර්ඝ කාලයක් මේ පළාත්වල සිදු වුණේ පවතින ආණ්ඩුව සමග විරුද්ධ, ආණ්ඩුව සමග එකඟ නොවන මතවාදයක් ඇති වීමයි. එය වැරදි නැහැ. ආණ්ඩුව ජාතිවාදය පෝෂණය කරනවා නම්, ආණ්ඩුව ජනතාවගේ දේපොළ සොරකම් කරනවා නම් ආණ්ඩුව පොදු ජනතාව ගැන කල්පනා කරන්නේ නැතිව ඒ අය ගැන විතරක් කල්පනා කරනවා නම් ජනතාව සහ ආණ්ඩුව ඈත්වීම වළක්වන්න බැහැ. ඒවා ජනතාවට විරුද්ධ ආණ්ඩු. ගැටුම් හදන ආණ්ඩු. තමන්ගේ පවුලේ අය වෙනුවෙන් විතරක් හදාගන්න ආණ්ඩු. හැබැයි අද ලංකාවේ පළමු වතාවට මේ රටේ පොදු ජනතාවගේ ආණ්ඩුවක් හැදිලා තිබෙනවා.

මම දන්නවා මැතිවරණවලදී විශේෂයෙන් උතුරේ ජනතාව තුළ අප පිළිබඳ යම් කුකුසක්, දෙගිඩියාවක් සැකයක් තිබෙන්න ඇති. අපි බලයට ගේන්න ඡන්දය දුන්නත් යම් සැකයකින් යුතුව ඡන්දය දෙන්න ඇති. දැන් අපි ආණ්ඩුව හදලා වසරකට ටිකක් වැඩි කාලයක් ගත වී තිබෙනවා. තවත් සැකයක් තිබෙනවද? අද පළමු වතාවට යාපනයේ ඔබ විශ්වාස කරන ආණ්ඩුවක් රටේ හැදිලා තිබෙනවා. අපි ඔබට එකක් කියනවා පළමු කොටම අපි අසීරුවෙන් ජීවත්වන ජනතාවගේ ජීවිත සුවපත් කළ යුතුයි. ඒ සඳහා ආණ්ඩුක් ලෙස කළ හැකි සෑම දෙයක්ම අපි කරනවා.

ගෙයක් නැති කෙනෙකුට ගෙයක් ලබා දෙන්න අපි කටයුතු කරන්නම්. දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. ඒ වෙනුවෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් අපි මෙවර අයවැයෙන් වෙන් කර තිබෙනවා. හොඳ ආදායම් මාර්ගයක් සකස් කර දිය යුතුයි. විශේෂයෙන් කෘෂිකර්මාන්තය, පොල් කර්මාන්තය, ධීවර සහ කුඩා කුඩා සුළු කර්මාන්ත මේ ප්‍රදේශවල ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ග බවට පත්ව තිබෙනවා. අපේ ආණ්ඩුවේ අරමුණ එම සෑම කර්මාන්තයක් සඳහාම අවශ්‍ය සහාය ලබා දී ඔවුන්ගේ ජීවන තත්ත්වය මීට වඩා උසස් කිරීමයි. අපි ඒ වෙනුවෙන් වැඩ කරන ආණ්ඩුවක්.

දීර්ඝ කාලයක් ගැටුම් තිබුණා. අපි කිසිවෙකුට ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. මොනවද ඒ ගැටුමෙන් අපිට ඉතිරි වුණේ. නිවාස අහිමි වූ පවුල්, අම්මා, තාත්තා අහිමි වූ දරුවන්, ආර්ථිකය මුළුමනින්ම කඩා වැටිලා, ඥාතීන්, මිතුරන් අහිමි වෙලා. උතුරේත්, දකුණේත් ජනතාව මේ යුද්ධයේ ගොදුරු බවට පත් වුණා. ඒ මුළු විනාශයම පිටුපස තිබුණේ දේශපාලනය. බලය ලබා ගැනීම. බලය ලබා ගැනීම වෙනුවෙන් සිංහල ජනතාව උසි ගන්වනවා. බලය ලබා ගැනීම වෙනුවෙන් දෙමළ ජනතාව උසි ගන්වනවා. මෙවන් ජාතිවාදී දේශපාලනයක් තිබුණා.

අදත් තැනින් තැන එක්කෝ පුරාවස්තුවක් කේන්ද්‍ර කරගෙන, එක්කෝ ආගමික ස්ථානයක් කේන්ද්‍ර කරගෙන මේ ජාතිවාදී ගැටුම් අවුළවන්න උත්සාහ කරනවා. මම ඔබට එක සහතිකයක් දෙන්නම්. යළි අපේ රටේ උතුරේද, දකුණේද, නැගෙනහිරද කවර ප්‍රදේශයක වුවද සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා කිසිදු ජාතිවාදයකට ඉඩ නොදෙන බව මම ඔබට සහතික කරනවා.

සියලුදෙනා සහෝදරත්වයෙන්, සමගියෙන් ජීවත්වන රටක් අපිට අවශ්‍යයි. ඒ වගේම හොඳ ආර්ථිකයක් තිබෙන විනෝදය, සතුට තිබෙන ජීවිතයක් අපිට අවශ්‍යයි. අපි මේ යාපනයේ විශාල ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. එහි වැඩකටයුතු අපි මේ වසර තුළ ඉතා වේගයෙන් අවසන් කරනවා. දරුවන්ට ක්‍රීඩා කරන්න, තමන්ගේ සතුට, විනෝදය එක් කර ගැනීමට එම අවස්ථාව අපි ඇති කළ යුතුයි. ඒ වගේම යාපනයේ නගරයේ ගෘහස්ථ ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට අපි සැලසුම් කළා. නමුත් දේශපාලකයන් විසින්ම අධිකරණයට ගිහින් නඩුවක් දැම්මා. ඒ ගෘහස්ථ ක්‍රීඩාංගණය යාපනයේ දරුවන්ට අවශ්‍යයි. හැබැයි දේශපාලකයන් නඩු දානවා. ඒ කියන්නේ ඔවුන් කරන්නේ ජනතාවට විරුද්ධ දේශපාලනයක්. අපි ඉතා ඉක්මණින් ඒ නඩුව අවසන් කර ඒ ආසන්න තැනක එම ගෘහස්ථ ක්‍රීඩාංගණය මේ වසරේ ඉදිකර අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ වගේම අද ලංකාවේ විශාල ආර්ථික පිම්මක් සංචාරක කර්මාන්තය ආශ්‍රිතව සිදු වෙනවා. යාපනය දිස්ත්‍රික්කය ඉතා මනරම් වෙරළ තීරයකින් සහ විශාල ආකර්ශනීය ස්ථාන රැසකින් පිරි තිබෙනවා. හැබැයි තවමත් ශක්තිමත් සංචාරක කර්මාන්තයක් නැහැ. පලාලි ගුවන් තොටුපොළේ අඩු පාඩුකම් සම්පූර්ණ කර එය ප්‍රතිසංස්කරණය කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. ඉතා ඉක්මණින් කන්කසන්තුරේ වරායේ වැඩකටයුතු ආරම්භ කරනවා. ඉන්දියානු රජය ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 60ක ආධාරයක් ලබා දීමට එකඟ වෙලා තිබෙනවා. අපිට අවශ්‍යයි ඉතා දියුණු සංචාරක කර්මාන්තයක් යාපනය දිස්ත්‍රික්කයේ ආරම්භ කරන්න. ඒ සඳහා අපි සැලසුම් සකස් කර තිබෙනවා.

මෙහි සිටින දෙමාපියන් සහ සහෝදර සහෝදරියන් තමන්ගේ ජීවිත කාලයේ පළමු අවස්ථාව වෙන්න ඇති අමාත්‍යවරු, ජනාධිපතිවරු, අමාත්‍යාංශ ලේකම්වරු සහභාගීවන රැස්වීමකට සහභාගී වී සිටින්නේ. මේ බිඳුනු හදවත් අපි යා කළ යුතුයි, සැකය අවිශ්වාසය තුරන් කළ යුතුයි. අපේ පරම්පරාව යුද්ධ කර ගත්තා, ගැටුම් ඇති කර ගත්තා. අපේ දරුවන්ගේ පරම්පරාවට ගැටුම් නැති රටක්, සමගියෙන් ජීවත්වන රටක් අපි හදන්න ඕන. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙමු කියා ආරාධනා කරනවා.

.

ජනාධිපති මාධ්‍ය අංශය
2026-01-16

SendShareShare
Previous Post

අරගල කරන්න පුළුවන්.. සටන් කරන්න පුළුවන්.. ගේම් ගහන්න පුළුවන් අලුත්ම සෙට් එකක් සජිත් කෘත්‍යාධිකාරී මණ්ඩලයට ගනී! දැන් ඉතින් වැඩේ ලේසි වෙන්නේ නෑ! PHOTOS I Sri Lanka Latest News

Next Post

අපල සුනේ සුන් කරලා සෙනසුරු-රාහු මාරුවෙන් ගොඩයන හැටි මෙන්න! තවත් බය වෙලා හංගිලා ඉන්න එපා! Sri Lanka Latest News

MORE NEWS

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

Load More
ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය නුවරඑළිය මහ නගර සභා බල ප්‍රදේශයේ සිදු කෙරෙන අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන්නේ පාලක...

Read more
ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.