මැල්සිරිපුර පොලීසියෙන් තමන්ට අසාධාරණයක් සිදුකළ බව පවසන පුද්ගලයකු අද (18) පෙරවරුවේ කුරුණෑගල අධිකරණ සංකීර්ණයේ වහල මතට නැඟ විරෝධතාවයක යෙදී සිටියි. (Sri Lanka Latest News)
වයස අවුරුදු 55ක් පමණ වන පුද්ගලයකු මෙසේ විරෝධතාවයක නිරතව සිටින අතර, ඔහු මත්පැන් පානය කර ඉන් පසුව අධිකරණයේ වහල මතට ගොඩවූ බව සිද්ධිය දුටුවෝ පැවසූහ.
කුරුණෑගල මහනගර සභාවේ ගිනි නිවන අංශයේ නිලධාරීන්ද සමඟ එක්ව පොලිස් නිලධාරීන් ඔහු වහලෙන් බස්සවා ගැනීම සඳහා උත්සාහයක යෙදී සිටින ආකාරයද දැකගත හැකි විය.
තමන්ට නීති විරෝධී මත්පැන් ජාවාරමක් සම්බන්ධයෙන් නිකරුණේ නඩුවක් ගොනුකර තිබූ බව ඔහු මැල්සිරිපුර පොලීසියට එල්ල කරන චෝදනාව වේ.
මෙම සිද්ධිය දැකගැනීම සඳහා විශාල පිරිසක් අධිකරණය ඉදිරිපිට රැස්ව සිටියහ.
lankadeepa










