තව දුරටත් ප්‍රමාද නොකොට වහාම පළාත් සභා මැතිවරණය පැවැත්වීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බල කරන ලෙස උතුරේ ආගමික නායකයන් ඇතුලු විශාල පිරිසක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කොට ඇත.Sri Lanka Latest News
මීට අමතරව තවත් ඉල්ලීම් කිහිපයක්ද මෙම ලිපියට ඇතුළත් කිරීමට එම නියෝජිතයන් කටයුතු කොට තිබේ.
ආගමික නායකයන්ට අමතරව උතුරේ අධ්‍යාපනඥයන්, වෘත්තීකයන් ඇතුලු නියෝජිතයන් රැසක්ද ඊට අස්සන් තබා ඇති බවක්ද වාර්තා වේ.
මීට පෙර උතුරේ දමිළ නායකයන්ද මෙවැනිම ආකාරයේ ලිපියක් ඉන්දීය අගමැතිවරයා වෙත යොමු කොට තිබිණ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 21 වැනිදා ඉන්දීය අගමැති මෝඩි මහතා හමුවීමට නියමිතය.