පොළොන්නරු දිස්ත්‍රික්කයට අයත් මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මැදිරිගිරිය නව නගරයේ දිග්ගල්පුර ගම්මානයේ පදිංචි පී.එම්.චමිලා කුමාරි මෙවර මහ කන්නය සදහා වී වගාකල කුඹුර ඇයගේ සහෝදරයා සහෝදරිය එකතු වී විෂ නාශක තෙල් යොදා විනාශ කර තිබෙන පුවතක් වාර්තා වෙනවා. (Sri Lanka Latest News)
නංගිට වී පොරොන්දුවට කුඹුර කරන්න ලබා දුන්නට ඇයගේ වැඩිමහල් අක්කයි අයියායි දෙන්නම තදින්ම විරුද්ධ වී තිබෙන අතර ඒ නිසා ඇයගේ සහෝදරයා සහ සහෝදරිය මව සමඟත් ආරවුල් ඇති කරගෙන තිබෙනවා.
මෙවර මහ කන්නය සඳහා වී වගා කළ මෙම කුඹුරට මාස තුනකටත් ආසන්න බව ඇය සඳහන් කලා.
“තව මාසයෙකින් විතර මෙහි අස්වැන්න නෙලන්න තිබුණා.කිරි වැදිලා ගොයම් කරල් ලොකුවට හැදිලා තිබුණා. දැනට දින තුනකට විතර උඩදී චමිලා කුමාරිගේ එක බඩවැල කඩාගෙන ඉපදුණු ලොකු අයියා සහ ලොකු අක්කා කුඹුරට සියල්ල නසන වල්නාශකයක් රාත්‍රී කාලයේ යොදල ඒ නිසා මුලු කුබුරම කහවේලා ගොයම් කරලුත් එක්කම මැරිලා විනාශ වෙලා මුලු ගොයම්ම කහ වෙලා පීච්චීලා ගිහින්.තෙල් වැදුනේ නැති සමහරක් ගොයම් ගස් තවමත් හොඳට තියෙනවා.නමුත් අක්කර දෙකක් පමණ සම්පූර්ණයෙන් විනාශයට පත්වෙලා ගන්නම දෙයක් නෑ.” යැයි ඇය වැඩිදුරටත් පැවසුවා.
මේ සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලිසියට පැමිණිල්ල කර තිබෙන අතර කුඹුර විනාශ වීම නිසා ඇයට රුපියල් ලක්ෂ දෙකකට වඩා පාඩු වී තිබෙන බවත් සඳහන්.
newscenter










