මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ලද තොරතුරක් මත කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් සිව්දෙනෙකු සිවිල් ඇඳුමින් සැරසී අලුත්කඩේ ලොකට් ලේන් වත්ත ප්‍රදේශයට ඊයේ (12) අලුයම පැමිණ තිබූ අතර එහිදී තරුණයින් දෙදෙනෙකු එම නිලධාරීන්ට පහරදී තිබුණි. Sri Lanka Latest News
පසුව එම නිලධාරීන් ද ප්‍රතිප්‍රහාර එල්ල කර තිබූ අතර අනතුරුව ප්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණීමත් සමඟ නොසන්සුන් තත්ත්වයක් උද්ගත විය.
කෙසේවෙතත් එම පිරිස අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් 40කට ආසන්න පිරිසක් යතුරුපැදිවලින් සහ ත්‍රීරෝද රථවලින් ලොකට් ලේන් වත්තට පැමිණ තමන්ට පහරදී දේපොළවලටද හානි කළ බව ප්‍රදේශවාසීන් චෝදනා කරයි.










