යුක්තිය මෙහෙයුට ජනතාවගේ සක්‍රිය දායකත්වය ලබා ගැනීමේ අරමුණෙන් නව ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.Sri Lanka Latest News
0718598800 යන එම දුරකථන අංකය ත්‍රී රෝද රථ මගින් ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා පොලිසිය අද බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිට දී ආරම්භ කළා.
මෙම දුරකථන අංකය ඔස්සේ ඇමතුම් ලබා දෙන පුද්ගලයින්ගේ දුරකථන අංක සහ තොරතුරු අනාවරණය නොවන ආකාරයට දුරකථන සේවාව සකස් කර තිබීම විශේෂත්වයක්.










