• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හෙන ආතල් මොත්තෙ මචං පිස්සු පීකුදූ – මේ මිනිහව වාඩිකරලා තියමු නේ සුදූ! පාර්ලිමන්ට් ජෝක් එකට අලුත් නළුවෙක්! Sri Lanka Latest News

January 25, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
යාපනේ මන්ත්‍රී අර්චුනා ආපහු අමු පිස්සුවක් නටයි! රැස්වීම මැද්දේ ගෑනුන්ගේ පළහිලව්වකුත් ඇදෙයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රාමනාදන් අර්චුනා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමනි, ඔබතුමා පාර්ලිමේන්තුවට පත්වෙලා ඉන්නේ ස්වාධීන අපේක්ෂකයෙක් විදියට. ඒ කියන්නේ ඔබට පාර්ලිමේන්තුවට තේරී පත්වෙන්න පුදුම පුළුවන්කමක් තිබිලා තියෙනවා. නැතුව සාමාන්‍යයෙන් ස්වාධීනව ඡන්දේ ඉල්ලපු මිනිහෙක්ට පාර්ලිමේන්තු එන්න බෑ. ඒ නිසා ඔබේ ජනවරම ප්‍රශ්න කරන්න අපි කාටවත් පුළුවන්කමකුත් නෑ. යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ආපු ඔබතුමා බොහොම ගෞරවයෙන් අපි පිළිගන්නවා. ඔබතුමා වැරැදියට තේරුම් අරගන්න එපා අපි මේ අපි කියන අර්ථයෙන් සඳහන් කරන්නේ සිංහල ජනතාව කියන එක නෙවෙයි. මේ ලිපිය ලියන මම සිංහලයෙක් නෙවෙයි. මම ශ්‍රී ලාංකිකයෙක්. මම ශ්‍රී ලාංකිකයෙක් විදියටයි ඔබව පාර්ලිමේන්තුව ඇතුළට පිළිගන්නේ. ඔබ තවමත් හිතාගෙන ඉන්නේ මම සිංහල, ඔබ දෙමළ කියලා. නෑ, ඔබ දෙමළවත්, මම සිංහලවත් නෙවෙයි. ඔබත් ශ්‍රී ලාංකිකයි, මමත් ශ්‍රී ලාංකිකයි. ඔබත් ශ්‍රී ලාංකිකයි, මමත් ශ්‍රී ලාංකිකයි කියලා හිතන්න පටන් අරගත්ත දවසට ඔබට ආයෙත් යුද්ධ කරන්න හිතෙන්නේ නෑ. මොකද ඔබතුමා කියන හැම වචනයක් ගානෙම අපිට තේරෙනවා ඔබ තවමත් යටිහිතේ යුද්ධයක් තියාගෙන ඉන්න මනුස්සයෙක්.Sri Lanka Latest News

මේ ලිපිය ලියන දවසෙත් යාපනේ ඉඳන් නෑදෑයෝ එනකල් ගෙදරට වෙලා බලාගෙන ඉන්නවා. කොට්ටකිලංගුයි තට්ට වඩෙයි අරගෙන යාපනේ මිනිස්සු අපේ ගෙවල් දොරවල්වලට එනවා. අපි කිසිම වගවිභාගයකින් තොරව යාපනේ ගිහිල්ලා ඒ ගෙවල්වල උයාගෙන කාලා පැදුරේ නිදියලා තල් රුප්පා යට ඔහේ රෑ එළිවෙනකල් කයිය ගගහා ඉඳලා කොළඹ ආපු මිනිස්සු. අපි තට්ට වඩේත් අඳුනනවා, කොට්ටකිලංගුත් අඳුනනවා, නූපුර සද්දෙත් අඳුනනවා, මොට්ටැක්කිලියත් අඳුනනවා, උතුරත් අඳුනනවා, දකුණත් අඳුනනවා, මුළු රටම අඳුනනවා. ඒ නිසා පාර්ලිමේන්තුවට ආපු පලියට චණ්ඩියෙක් වෙන්න දඟලන්න එපා. මේ රට ගිනිතියන්න ආයෙත් අර්චුනාට තියා මොකෙකුටවත් ඉඩ නොදෙන්න තරම් මේ රටේ ශ්‍රී ලාංකිකයන්ට කොන්දක් තියෙනවා. ඒ නිසා තැන් තැන්වල අගුපිල්වල ලැගලා එක එක කතා කියලා මේ රට ආයෙත් ගිනිතියලා විනාශ කරන්න නම් ඔබතුමා පාර්ලිමේන්තු එන්න එපා. හිටපු තැනකට වෙලා ඉන්න.

ඔබට වෛද්‍ය උපාධිය දුන්නේ කවුද කියන්න අපි දන්නේ නෑ. ඔබ වෛද්‍ය උපාධිය ගත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් කියලා මම විශ්වාස කරනවා. ඔබ එහෙම තැනක කියලා තියෙනව අපිට ඇහුණා. ඔබ දුරකතන ඇමතුමක් දීලා මොකක්ද ගොං කතාවක් කියනවා. ඒ අස්සේ කියනවා ඔබ වාද විවාදවලින් දිනලා තියෙනවා, රන් පදක්කම අරගෙන තියෙනවා, ඒ හින්දා මාව පරද්දන්න බෑ කියලා. අර්චුනා මන්ත්‍රීතුමා, ඔබ පාර්ලිමේන්තු ආවා කියලා සර්වබලධාරී වෙන්නේ නෑ. ගෞරවය ඔබ දිනාගත යුතුයි. උතුරේ මිනිස්සු දකුණේ මිනිස්සුන්ට ගරු කළා. ආදරය කළා. දකුණේ මිනිස්සු, උතුරේ මිනිස්සුන්ට ආදරේ කළා. ඒ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්න වරම ලැබුණු පලියට නගුටට ගිනිතියාගත්ත හනුමා වගේ තැන් තැන්වල වන වනා දුවන්න ලෑස්ති වෙන්න එපා.

ඔබ හැමදාම කරන්නේ අමුතු වැඩ. ඔබ හිතනවා නම් ඒවා මාර වැඩ කියලා, වෙලාවට ඔබ වගේ මනුස්සයෙකුට යාපනේ මිනිස්සු ඡන්දේ දීලා පාර්ලිමේන්තු එව්වේ. මොකද එහෙම නැතුව ඔබ රෝහලක සේවය කළා නම් ඔය පිස්සුව රෝහල තුළ කෙළින්න ගත්තා නම්, රෝහලේ මොන සංගදියක් වෙයිද කියන්න අපි දන්නේ නෑ. වාසනාවට ඔබට ඡන්දේ දීලා කවුරු හරි කෙනෙක් ඔබව පාර්ලිමේන්තුවට එවලා දැන් කියන කියන වචනයක් පාසා බොහෝ තැන්වල ඔබෙන් පිටවෙන්නේ ජාතිවාදී කතා. අපිට ඒවා ඇහුවම රිදෙනවා. මොකද ඒකට හේතුව ආයෙත් මේ රට යුද්ධෙකට ඇදලා දාන්න ඔබ වැන්නවුන්ට ඉඩ නොදෙන්න තරම් උතුරේ මිනිස්සුයි දකුණේ මිනිස්සුයි මුළු රටේම මිනිස්සුන්ට හැඟීමක් තියෙනවා. මතක තියාගන්න මන්ත්‍රීතුමා, ගිනි අවියකට, වෙඩි උණ්ඩෙකට, බෝම්බෙකට, මූනිස්සමකට, ඊයම් බෝලෙකට ජාතියක් ආගමක් කුලයක් නෑ. බෝම්බය පත්තු කළේ ත්‍රස්තවාදියො වුණාට ඒ ත්‍රස්තවාදියාගේ පදිංචිය උතුරු අර්ධද්වීපය වුණාට, ඒ බෝම්බයෙන් එළියට එන ඊයම් බරුව උතුරේ මිනිහගේ පපුවත් හිල් කරනවා, දකුණේ මිනිහගේ පපුවත් හිල් කරනවා. ජාති ආගම කුලය අහලා ගම අහලා නම අහලා ජන වර්ගය නෙවෙයි බෝම්බ පුපුරන්නේ. මේ රටේ සිංහල මිනිහගෙයි දෙමළ මිනිහගෙයි ගැටුමක් තියෙන බව පෙන්වන්න, තැන් තැන්වල පාරවල්වල සටන් ප්‍රකාශ කරන්න උත්සාහ කරන්න එපා. ඒකට හේතුව ඔබටයි මටයි නැතුව ගිය අතීතය මගේ රටේ ඊළඟ පරම්පරාවට නැතිකරනවාට අපි අකැමැති නිසා.

ඉස්සර මන්ත්‍රීතුමා අම්මලා තාත්තලා කෝච්චි දෙකේ කොළඹ ගිය කාලයක් තිබුණා. ඒකට හේතුව එක කෝච්චි පෙට්ටියක බෝම්බයක් පිපිරුණොත් අම්මා හරි තාත්තා හරි ඉතුරු වෙන හින්දා. අපි බෝම්බ පුපුරලා මිනිස්සු මැරුණට පස්සේ රේඩියෝ එකේ ප්‍රවෘත්තිවලට මැරුණු මිනිස්සුන්ගේ ලැයිස්තුව කියවන කල් බලාගෙන හිටියා. ඒ, අපේ එකෙක් ඒ ලැයිස්තුව ඇතුළේ ඉන්නවද කියලා දැනගන්න. අපි පුංචි කාලේ පත්තර පිටුවල ගැළවිලා වීසිවෙච්ච උළුවල පින්තූර දැකලා ඒ පත්තර පිටු හංගලා නිදාගත්ත මිනිස්සු. ඒකට හේතුව යුද්ධෙට බයයි, මළසිරුරුවලට බයයි.

ඔබතුමාට ප්‍රශ්නයක් තියෙනවා නම් සිංහල මිනිහෙක් එක්ක, ඒකට ඔබතුමා නීතිමය පියවරක් ගන්න. ඒක ඔබතුමාගේ පුද්ගලික ප්‍රශ්නයක් බව හඳුනගන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වූ පමණින් ඔබට සියල්ලට බලය ලැබෙන්නේ නෑ. ඇත්තටම මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් ජනාධිපතිතුමාගෙන්, අගමැතිතුමාගෙන්, මන්ත්‍රී මණ්ඩලයෙන් අපි ඉතාම බැගෑපත්ව ඉල්ලනවා මහත්වරුනි, නෝනාවරුනි, මේ සෙල්ලම විෂයි. පලිබෝධ නාශක අනතුරු සහිතයි. ප්‍රවේසමෙන්වත් පරිහරණය නොකර ඉන්නවා නම් වඩා හොඳයි. පරිහරණය කරන්නම වෙනවා නම් ප්‍රවේසමෙන් පරිහරණය කළ යුතුයි. එකක් දෙකක් තුනක් හතරක් නෙවෙයි. අර්චුනා මන්ත්‍රීතුමා දිගින් දිගටම විවිධාකාරයේ ගැටුම් ඇතිකරගන්නවා. පිටස්තරින් බලන කෙනකුට පේන්න තියෙන්නේ මේ මනුස්සයා මේ තැන් තැන්වල පිස්සු කෙළිනවා කියන එක විතරයි. හැබැයි මේ ගැන ගැඹුරට හොයලා බලනකොට අපිට තේරෙනවා ඔහු කියන හැම තැනකම මොකක් හරි වචනයක් ඇතුළේ තියෙනවා වෛරී ප්‍රකාශ. මන්ත්‍රීතුමා, එහෙම එකක් නෑ. මේ රටේ පොලිසිය අපිවත් පාරේ නවත්තලා තියෙනවා. රඹෑවෙ පොලිසිය මාව නතර කරලා මාව චෙක් කරලා මගේ වාහනේ චෙක් කරලා ඇයි චෙක් කළේ කියලා අහද්දී හේතුවක් තිබුණේ නෑ. ඒ මහත්තයා මට කාරුණිකව කිව්වා අපි ඔබේ වාහනේ චෙක් කළා විතරයි. වරදක් නැත්නම් යන්න. අපි පොලිසියෙන්. මේ ඇඳුම පොලිස් නිල ඇඳුම. වාහනය නවත්තලා කතාබහ කරලා යන්නම් එන්නම් කියලා යනවා මිසක, ඔබතුමා හිතන තරම් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙවිවරුන්ට වගේ වරම් ලැබෙන්නේ නෑ. කෝවිල් හදලා පල්ලි පන්සල් හදලා දේවාල හදලා මල් පූජා කරන්නෙත් නෑ. ඒ නිසා මතක තියාගන්න, කොමඩියක් වෙන්න එපා. ඔබතුමාට පාර්ලිමේන්තුවට ආයේ එන්න ඕනේ නම් නිකන් බොරුවට රඟපාන්න එපා.

ඔව් දැන් ඔබතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ වෙද්දී ඔබේ නම මුළු රටම දන්නවා. හැබැයි මන්ත්‍රීතුමා මතක තියාගන්න ශ්‍රී වික්‍රමසිංහ රාජසිංහගේ නමත් මුළු රටම දන්නවා. අන්දරේගේ නමත් මුළු රටම දන්නවා. ශ්‍රී වික්‍රම රාජසිංහට අපේ රටේ මිනිස්සු හැමදාම ගරු කළාට, අන්දරේට කවදාවත් ගරු කළේ නෑ. අන්දරේ පොරක් වුණේ නෑ. අන්දරේ හැමදාම ජෝකර් කෙනෙක් විතරයි. අන්දරේ විහිළුවක් වෙලා මැරිලා ගියා මිසක අන්දරේට රජකම දෙන්න කවුරුත් ප්ලෑන් කළේ නෑ. හැබැයි අන්දරේවත් මුළු රටම දන්නවා. ඒ වගේ අපේ රටේ අන්දරේලාට ඇඳපු කට්ටියයි, රජවරුන්ට ඇඳපු කට්ටියයි දෙගොල්ලක්ම ඉන්නවා. මතක තියාගන්න මන්ත්‍රීතුමා, පාර්ලිමේන්තුවේ රජෙක් වගේ හිටපු මහින්ද රාජපක්ෂත් ගෙදර ගියා. පාර්ලිමේන්තුවේ ඔයිට වඩා සෙල්ලම් දාපු 56 දෙනෙක් මේ පාර ඡන්දෙන් ආගිය අතක් නැතුව ගියා. ඒ නිසා ඔබතුමා මේ වෙලාවේ ලොකු නෑ කාටවත්. නිකන් බොරුවට බයිලා කියන්න එපා. අපි කාටවත් ප්‍රශ්නයක් නෑ. සිංහල මිනිහටවත්, දෙමළ මිනිහටවත් මේ රටේ ප්‍රශ්නයක් නෑ. සිංහල මිනිහගෙන්, දෙමළ මිනිහටවත්, දෙමළ මිනිහගෙන් සිංහල මිනිහටවත්, සිංහල හා දෙමළ මිනිස්සුන්ගෙන් මුස්ලිම් මිනිහටවත්, මුස්ලිම් මිනිස්සුන්ගෙන් වෙන කාටවත් ප්‍රශ්නයක් ඇතිවෙලා නෑ. අපි බොහොම සමගියෙන් සමාදානයෙන් එකමුතුකමින් සතුටින් ඉන්නවා. ඔබතුමාට ඒක බලන් ඉන්න බැරිනම් අහක බලාගෙන යන්න. තවදුරටත් ඔබතුමා ඒක දන්නේ නැත්නම් කතා කරන්න. මම ඔබතුමාව එක්කන් ගිහිල්ලා පෙන්වන්නම්.

ලංකාවේ මිනිස්සු ප්‍රශ්නෙකට ආසා නෑ. ආයෙත් යුද්ධ කරන්න බෑ. අපිට දැන් ඇති. දැන් හොඳටම හති.
ඒ නිසා කන දෙයක් කාලා, වෙන දෙයක් බලාගෙන ඉන්නවා නම් ඉඳලා පුළුවන් නම් ගෙදර යන්න. මේ අයව එළියේ තියන්න බැරි නම්, නෝනාවරුනි, මහත්වරුනි, කනගාටුයි මෙහෙම කියන්න සිද්ධ වුණාට. ඇත්තටම තැන් තැන්වල චූ කර කර කණුවලට කක්කා කර කර සුනඛයො ඉන්නවා නම් බැඳලා තියන්න ඕනේ. නැත්නම් කූඩුවට දාලා තියන්න ඕනේ. මොකද, මුන් ආපුවාම, මුන් ගෙවල්වල කැත කළාම අපිට බලාගෙන ඉන්න අප්පිරියයි.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

බිමල් පාර්ලිමේන්තුවේ නම් කිව්වේ වියදමට සරිලන ගාස්තුව ගන්නවා කියලා! හැබැයි 2000ක් කියන්නේ පාර්ලිමේන්තු කැන්ටිමේ බුෆේ එකේ හරි කොස්ට් එක නෙමෙයි! ඒ ගාණට පෙට්ටි කඩේකින්වත් කන්න බෑ! ජනතාව රවට්ටන්න එපා! බිමල් කිව්වා වගේ හරියට කොස්ට් කරන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

ජනාධිපති පුටුවෙ වාඩිවුණා! කතාවක් කළා! නියෝග 200ක් දුන්නා! ෆයිල් 200ක් අස්සන් කළා! එක පෑන් පහරින් කියපු ඔක්කොම කළා! ජනාධිපතිකම් කරන හැටි ට්‍රප්ම්ගෙන් ඉගෙනගන්න! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.