අලුත උපන් සිය බිලිඳාට දීමට මව්කිරි නැතැයි සිත්තැවුලට පත් මවක ගෙල වැළලාගෙන මියයාමේ පුවතක් වාර්තා වෙනවා. (Sri Lanka Latest News)
ඒ, යාපනයේ පේදුරුතුඩුව පාරේ ආතම්පන්න ප්‍රදේශයෙන්.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි මවක්.
තම දරුවා මෙලොව එළිය දකිනතුරු නොඉවසිල්ලෙන් බලා සිටි මෙම මව දරුවාට මව් කිරි දීමට කීප වතාවක්ම උත්සහ ගත් නමුත් ඇයට කිරි එරී නැති බවත්, ඒ පිළිබඳ දැඩි කනස්සල්ලෙන් සිටි මෙම මව ගෙල වැළලාගෙන දිවි හානිකර ගෙන ඇති බවයි යාපනය පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළි වී තිබෙන්නේ.
hirunews










