අද පැවැති පාර්ලිමේන්තු විවාදයේදී සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මීට කලකට ඉහතදී රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝවක් විකාශය කර පෙන්වීමට පියවර ගත්තේය.Sri Lanka Latest News
එහිදී ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරන්නේ වික්‍රමසිංහ මහතා බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චූදිතයකු බවය.
මීට අමතරව ජනාධිපතිවරයාගේ වත්මන් ක්‍රියාකලාපය දැඩිව විවේචනය කළ මරික්කාර් මහතා මේ වනවිට ජනාධිපතිවරයා ජාත්‍යන්තරය සමග බරපතළ ගැටලු ගණනාවක් ඇති කරගෙන තිබෙන බව පෙන්වා දුන්නේය.
එදා පොහොට්ටු සාමාජිකයන් අප්පච්චී සමග නැගිට හොඳ කෑමක් කෑ බව කී මන්ත්‍රීවරයා මෙවර පොහොට්ටුව වික්‍රමසිංහ සීයා සමග නැගිටින්නට ගොස් ඊටත් වඩා හොඳ කෑමක් කනු ඇති බවද කියා සිටියේය.










