මවක් සහ කුඩා දැරියක් අතුරුදන් වී ඇති බවට හඟුරන්කෙත පොලිසියට ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. (Sri Lanka Latest News)
මෙලෙස අතුරුදන් වී ඇත්තේ හඟුරන්කෙත හෝප් වතු යායේ පදිංචි 20 හැවිරිදි මවක් සහ අවුරුද්දයි මාස 08ක් වයසැති කුඩා දැරියක්.
ඔවුන් පෙරේදා (20) අතුරුදන්වී ඇති බවට අදාළ කාන්තාවගේ මව විසින් හඟුරන්කෙත පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
අදාළ කාන්තාව සහ කුඩා දියණිය අතුරුදන් වූ දිනයේ බස් රථයකින් රිකිල්ලගස්කඩ නගරයට පැමිණ ඇති බවටයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
හඟුරන්කෙත පොලිසිය ඒ සම්බන්ධයෙන් අදාළ බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයාගෙන් ද ප්‍රශ්න කර තිබෙනවා.
dasathalankanews










