මාතර දිස්ත්‍රික්කය තුළ ශීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින පොල් ගස් නරක් වීමේ රෝගය හේතුවෙන් පොල් ගස් 5,000ක් පමණ කපා විනාශ කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය තීරණය කර තිබේ.Sri Lanka Latest News
“වැලිගම වින්ට්” නමින් හැඳින්වෙන මෙම රෝගය “රේන්ද මකුණා” යන නාමයෙන්ද හඳුන්වනු ලබන ආක්‍රමණික කෘමියෙකු බව මේ වනවිට හඳුනාගෙන ඇති බව සඳහන්ය.
දැනට මාතර දිස්ත්‍රික්කයේ පමණක් පොල් ගස් 6,200ක් මෙම රෝගයට ගොදුරු වී ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා සඳහන් කළේය.










