පාස්කු ප්‍රහාරයට බබා හුකුම් පෙන්වන ජනාධිපතිවරයා මේ වනවිට තාජුඩීන් ඝාතනයටද බබා හුකුම් පාට් දැමීමට පටන් ගෙන ඇති බව මුජිබර් රහුමාන් මහතා පැවසීය.Sri Lanka Latest News
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධිය ආණ්ඩුව අලුත් තැනකට ගෙනැවිත් තිබෙනවා. වසීම් තාජුඩීන් මියගොස් සිටි රථයට පිටුපසින් ගමන්ගත් සැකකටයුතු රථයක, පසුගියදා මිද්දෙණියේදී ඝාතනයට ලක්වූ අරුණ විදානගමගේ හෙවත් කජ්ජා සිට ඇතැයි ඔහුගේ බිරිඳ අනාවරණ කළ බව පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් බී වාර්තාව වැරදි ආකාරයට ලියපු පිරිස් ආණ්ඩුවේ සිටිනවා. වසීම් තාජුඩීන්ගේ ඝාතනය සිදුවුණ දිනයේ අරලියගහ මන්දිරය සහ නාරාහෙන්පිට පොලිසිය අතර සිදුවුණ දුරකථන සංවාද 40 කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. ඒ වාර්තා අදාල දුරකතන සමාගමේ ප්‍රධානින් සඟවා තිබෙනවා. එම දුරකථන සමාගම වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධිය සිදුවන විට පාලනයේ සිටි පාලකයන්ගේ හිතවත් පිරිසක්. ඔවුන් අද අනුර දිසානායක ජනාධිපතිවරයාගේ උපදේශකවරු ලෙස පත්වී සිටිනවා. කෙසේ නමුත් මේ ආකාරයට වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු සෙවීම් ප්‍රශ්නයක්. ඒ වගේම රාජපක්ෂවරුගේ පාලන කාලය තුළ සිටි විශාල පිරිසක් වර්තමාන ආණ්ඩුව තුළ සිටිනවා. ඔවුන්ගේ බලපෑම්වලට ආණ්ඩුව යටත්ව සිටිනවාදැයි ද සැකයක් මතුවෙනවා.










