ඉහළ දැමූ වෛද්‍යවරුන් සදහා ලබා දෙන දීමනාව, තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලමින්, සෞඛ්‍ය සේවයේ වෛද්‍ය නොවන අනෙකුත් සේවාවන්ට අදාල වෘත්තීය සමිති, එළැඹෙන දා හත් වන දා මහා වැඩවර්ජනයක් කැදවා ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
මෙම ඉල්ලීම ඉදිරිපත් කරමින්, පරිපූරක වෛද්‍ය සහ පරිපූරක සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති විසින් පසුගිය සතියේ සංකේත වැඩ වර්ජනයක් කැදවා තිබුණු අතර, ඒ හේතුවෙන් සෞඛ්‍ය සේවය බිද වැටී රෝගීන් මහත් දුෂ්කරතාවයකට මුහුණ දුන්නේ ය.










