ඩොලර් බිලියන 1.5ක වටිනාකමකින් යුතු වූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කිරීමට අදාල වියදම් වහා පියවන ලෙස ජපන් රජය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ.Sri Lanka Latest News
නවතා ඇති අනෙකුත් ජපන් ව්‍යාපෘති ආරම්භ කිරීම සදහා, ජපන් රජය විසින් ඉල්ලා සිටිනු ලබන මෙම වියදම් පියවිය යුතුව ඇති බව දිවයිනට පැමිණ සිටින ජපාන මුදල් අමාත්‍යවරයා පැවසූ බව, සජබ මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ජපාන මුදල් අමාත්‍ය මිසුකෝෂි මහතා මේ බව පවසා ඇත්තේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සජබ මන්ත්‍රී කණ්ඩායම සමග පැවති සාකච්ඡාවකදී ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව වාර්තා කර තිබේ.










