• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෑස් සිලින්ඩරේ මිලට වැඩිය ලාභ ජීවිතේ! යටකරනවා බලා ඉද්දී තාත්තෙක්ව මාවතේ!

October 27, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

කතන්දර දෙකක් ඔබට එකවර කියන්න මට හිතුණා. එක කතාවක අපිට අහන්න ලැබෙන්නේ තමන්ගේ පුතාව ඝාතනය කරන්න හෝ පහරදෙන්න ආපු මැරයෝ පිරිසක් එක්ක තනියම සටන් කරපු තාත්තෙක්ගේ කතාවක්. මේ පුතාව පහරදීලා, ඔහුගේ අත්වලට මාංචු දාලා, වාහනයකට පටවාගෙන ගෙදරින් එළියට ඇදගෙන යනවා. මේක දකින තාත්තා වහාම මේ සිද්ධියට මැදිහත් වෙනවා. ඔවුන් පුතාට පහරදෙනවා. තාත්තා පුතාව බේරගන්න උත්සාහ කරනවා. දිගින් දිගටම සිදුවෙන පහරදීම් ඔස්සේ ඇසිඩ් ප්‍රහාරයක් පුතාට එල්ල වෙනවා. පුතා කෑගහනවා. බේරගන්න කියලා. හැබැයි මැරයෝ ඒ ගැන හිතන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ පුතාව වාහනයකට දාගෙන අරගෙන යන්න. එහෙම අරගෙන ගිහිල්ලා පුතාව මරනකල් බලාගෙන ඉන්න තාත්තෙක්ට බැරි බව මේ ලිපිය කියවන ඕනෙම කෙනෙක්ට තේරේවි. මේ මනුස්සයා කරන්න දෙයක් නැති තැන මේ වාහනයේ එල්ලෙනවා. එල්ලෙද්දී පුතා කෑගහනවා අයින් වෙන්න කියලා. තාත්තට එහෙම කරන්න එපා කියලා. තමන්ගේ වේදනාව දරාගෙන කෑගහන පුතා කොයි තරම් අමාරුවෙන් මේ තත්ත්වයට මුහුණ දෙනවද කියලා දන්න නිසා තාත්තා තමන්ගේ දරු සෙනෙහස මිටමොළවගෙන අර වාහනෙත් එක්ක පොරබදනවා. (Sri Lanka Latest News)

පුංචි දවස්වල දෝතට ගත්ත දරුවා මුලින්ම ආදරෙන් සිපගත්ත කම්මුල්වලට මැරයෝ ගහනකොට අතපය නොකඩා හදපු පුංචි පැටියගේ අතපය මැරයෝ කඩලා දානකොට තමන්ගේ ආදරණීය පුතා අවුරුදු ගානක් රැකගත්ත පුතා ලොකුමහත් කරගත්ත පුතා හොරු අරගෙන යනකොට ඒක බලාගෙන ඉන්න බැරිවෙච්ච තාත්තා ජීවිතේ පරදුවට තියලා වාහනෙත් එක්ක පොරබදනවා. ඒත් වාහනය එළවන්නේ අමානුෂික මිනිස්සු. තිරිසන්නු. මිනිස්සුන්ගේ ආදරේ නොතේරෙන තිරිසන්නු අතින් තාත්තාව මහ පාරේ මෘත ශරීරයක් බවට පත්වෙනවා. තාත්තව යටකරනවා. දෙතුන් වතාවක් යටකරනවා. තාත්තාව මරලා දානවා. තාත්තාව මරලා දාලා පුතාව අරගෙන යනකොට.

තාත්තා මැරෙන්න ඇති කියලා දන්න පුතා කෑගහනවා. තාත්තාව යටකරනවා පුතා දකිනවා. තාත්තා යටවෙන වාහනේ ඇතුළේ පුතා ඉන්නවා. පුතාගේ බරත් තාත්තාගේ පපුවට බරක් වෙලා දැනෙනවා. පුතාට ගෙදර එන්න ලැබෙන්නේ තාත්තගේ මෘත ශරීරයට අවසන් ගෞරව දක්වන්න. ඔහු එන්නේ බැන්ඩේජ්වලින් ඔතපු ශරීරයක් එක්ක. ඔහුට ඇසිඩ් ගහලා. අතපයවලට පහරදීලා මහ පාරේ දාලා ගිහිල්ලා. අතිශය අමානුෂික සිදුවීමක්. මේ කියන්නේ චිත්‍රපටයක ජවනිකාවක් නෙවෙයි. මේ කියන්නේ ලෝකේ කොහේ හරි සිද්ධ වෙච්ච සිදුවීමක් නෙවෙයි. මේ ලංකාවේ සිද්ධ වෙච්ච, මේ මොහොතේ පවා සජීවීව තියෙන, පහුගිය සතිය නිමාවෙද්දී අපට අහන්න ලැබුණු කාලකණ්ණි කතාවක්. ඒක එක කතාවක්.

අනෙක් කතාව, ගෑස් සිලින්ඩරයක් හොරකම් කරගන්න මනුස්සයෙක්ව මරලා, ඒ මිනිහව වළලපු මිනිස්සුන්ගේ කතාවක්. මේ තුට්ටු දෙකේ හොරු දෙන්නෙක්ගේ බලු වැඩක් ගැන කතන්දරයක්. මේ හොරු දෙන්නා ගෙදරකට ගිහින් ගෑස් සිලින්ඩරයක් හොරකම් කරනවා. ගෑස් සිලින්ඩරය හොරකම් කරනකොට ඒ ගෑස් සිලින්ඩරයේ හිමිකාරයාගේ නිවසේදී හිමිකාරයාව ඝාතනය කරනවා. ගෑස් සිලින්ඩරයක් වෙනුවෙන්. රුපියල් 20,000ක් වත් වටින්නේ නැති ගෑස් සිලින්ඩරයක් වෙනුවෙන් ඔවුන් මේ අහිංසක මනුස්සයව මරලා දානවා. මනුෂ්‍ය ජීවිතයක වටිනාකම ගෑස් සිලින්ඩරයක බරට සමානයිද? මනුෂ්‍ය ජීවිතයක වටිනාකම ගෑස් සිලින්ඩරයක වටිනාකමට සමානයිද කියලා දෙපාරක් තුන්පාරක් හිතලා බලපුවාම තේරෙයි. ඇත්තටම ගෑස් සිලින්ඩරයට වඩා මිනිහෙක්ගේ ජීවිතේ නොවටිනා බව දැනෙන මිනිස්සු තමයි මේ ඝාතනය සිද්ධ කරන්නේ. මේ ඝාතනය සිද්ධ කරපු අමානුෂික හොරු තමන්ගේ ජයග්‍රාහී ගෑස් සිලින්ඩරයත් පොහොර උරයක දාගෙන වටපිට බලමින් සතුටින් යන දර්ශනයක් සී.සී.ටී.වී. කැමරාවල සටහන් වෙලා තිබුණා.

කියන්න තියෙන්නේ පරණ කතාවම තමයි. බණ කියන රටක්, බණ ඇහෙන රටක්, යුද බිමක් වුණේ කෙලෙසා…’ රටකට ඇත්තටම ඇත්තටම අවශ්‍ය වෙන්නේ මිනිස්සු. රටක දේශපාලන වෙනසක් කරලා අලුත් නායකයෙක් පත්කරලා සුන්දර රටක් හදන්න ඔබ හිතාගෙන ඉන්නවා නම් ඒවා හීන. එහෙම කරන්න බෑ. රටක් හදන්න ඕනේ මිනිස්සුන්ගේ හෘදය වස්තුවේ තිබෙන ආදරය පිරුණු ප්‍රේමය පිරුණු අනෙක් අයට ගරුකරන හැඟීම් පිරුණු ජීවිතවලින්. එහෙම නැත්නම් මේ රටට මීට වඩා දුක හිතෙන කතා, බය හිතෙන කතා අහන්න වෙයි.

මිනිස්සු මරණ එක ලේසියි. ජීවත් වෙන එක අමාරුයි. මිනිහෙක්ට මැරෙන්න ගතවෙන්නේ තත්පර ගානයි. හැබැයි මිනිහෙක්ට ජීවත් වෙන්න අවුරුදු ගානක් පොරකන්න සිද්ධ වෙනවා. අවුරුදු ගානක් ඔට්ටු වෙන්න සිද්ධ වෙනවා. මියගිය තාත්තගේ වයස අවුරුදු 62යි. ඔහු අවුරුදු 62ක් ජීවත් වෙන්න කොච්චර වෙහෙසෙන්න ඇද්ද? කොච්චර දහඩිය හෙළන්න ඇද්ද? කොච්චර දුක් කරදර උහුලන්න ඇද්ද? මේ දරුවව ලොකුමහත් කරන්න ඔහු කොච්චර දුක් විඳින්න ඇද්ද? හැබැයි ජීවිතයක් තත්පරයකින් ඉවර කරලා දාලා අපි සතුටින් විසිර යනවා. ජීවිතයක් නිමාවෙනවා. කතාවක් අවසන් වෙනවා. මේ ලිපිය කියවපු ඔබට මනුස්සකම ගැන මම නොකියපු කතා ඇති. ඔබට පුළුවන් ඒවා සිහි කරන්න. මේක මිනිස්සුන්ගේ රටක් තමයි. සත්තුන්ගේ රටක් නෙවෙයි.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

එදා මහපාරේ වෙඩිතියලා මැරුවා! අද සෝෂල්මීඩියාවල ගහලා මරනවා! නළු නිළියන්ට කරන අපරාධ ගැන චරිත් කියන මේ කතාවත් අහන්න! Sri Lanka Latest News

Next Post

මාලිමාවේ නායයාම ඇල්පිටියෙන් පටන් ගත්තා! ජනාධිපතිවරණයේ ගත්ත ප්‍රතිශතයත් දින ගණනක් ඇතුළත පල්ලම් බැහැලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

Load More
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? I Sri Lanka Latest News

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටි ආරච්චිට පොහොට්ටුව ඇතුළෙන්ම දැඩි විරෝධයක් මතුව ඇත.Sri Lanka Latest News විශේෂයෙන්ම...

Read more
සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.