යාපනයේ මාධ්‍ය ආයතනයක සේවය කරන තරුණියක් හා ඇගේ වැඩිමල් සොයුරා කඩු ගත් පිරිසක් විසින් ඊයේ (10) කපා කොටා තිබේ. (Sri Lanka Latest News)
යාපනයේ නීර්වේලි ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවසට අළුයම් කාලයේදී කඩාවැදුණු පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කොට ඇත්තේ පෞද්ගලික පලිගැනීමක් මත බවට යාපනය අච්චුවේලී පොලිසියට තොරතුරු ලබී තිබේ.
කඩුවලින් කැපීම නිසා බරපතළ ලෙස තුවාල ලැබූ මේ දෙදෙනා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.
මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ නීර්වේලි ප්‍රදේශයේ පදිංචි ගනේසරත්නම් වෙනුජා (24) සහ ඔහුගේ සොහොයුරා වන ගනේසරත්නම් යෝගේස්වරන් (45) යන දෙදෙනාය.
යාපනය අච්චුවේලි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යයි.
lankasara










