• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මට කරන්නේ අපහාසයක්! සමන්තට නඩු දානවා! බදුල්ලේ ඉඩම් ඇල්ලූ චෝදනාව ගැන රජිත් කීර්තිගෙන් ෆේස්බුක් සටහනක්! VIDEO I Sri Lanka Latest News

January 10, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
බදුල්ලේ ගමක කෝටි 12ක් වියදම් කරපු විදුලි ව්‍යාපෘතියක් නවත්වන්න ඇමැති සමන්ත වැඩ කරලා කියපු පුවත පිටුපස ලොකු කතාවක්! හොයාගෙන යද්දී ඌවේ හිටපු ආණ්ඩුකාර-රනිල්ගේ ලේකම්වරයකු වෙච්ච රජිත් කීර්ති තෙන්නකෝන් ඒ ගමෙන් අක්කර 18ක් අරගෙනලු! ලයිට් ගන්නෙ ඒ ඉඩමටලු! හැදුනුම්පතත් හොර එකක්ලු! අත්සනත් බොරු එකක්ලු! මේක වංචාවක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාධ්‍ය හමුවක් පවත්වමින් ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා සිය ෆේස්බුක් පිටුවේ පිළිතුරු ලබා දීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News

ඇමති සමන්ත විද්‍යාරත්න විසින් සිදුකළ ‘ද්වේෂ සහගත අපහාසය’ සම්බන්ධයෙනි.

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න 2025 ජනවාරි 9 දින ඊයේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පුවත්පත් සාකච්ඡාවක් පවත්වා මා සම්බන්ධයෙන් ද්වේෂ සහගත සහ අපහාසාත්මක ප්‍රකාශ සිදු කර ඇත. ඔහුගේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ අරමුණ මාගේ කීර්ති නාමය බිඳීමය ය. ඒ සඳහා ඔහු සාවද්‍ය කරුණු, දේවේෂ සහගත ලෙස ගොතන ලද කරුණු අවමන් සහගත කරුණු ඉදිරිපත් කර ඇත.

මා හට කරන ලද ‘ද්වේෂ සහගත අපහාසය’ පදනම් කර ගෙන නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට දැනටමත් මාගේ නීතිඥවරුන් වෙත උපදෙස් ලබාදී ඇති ඇත. එසේ නමුදු, දැනට මාධ්‍ය තුල මෙම ප්‍රවෘත්තිය දඩමීමා කරගෙන සිදු කෙරෙන වැරදි සහගත සන්නිවේදනයට පිළිතුරක් ලබා දෙමි.

ඇමති සමන්ත විද්‍යාරත්න ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී, බදුල්ල – මොණරාගල දිස්ත්‍රික්ක මායිමේ තියෙන ගම්මාන දෙකකට විදුලිය ලබාදෙන ව්‍යපෘතියක් නැවැත්වීම/ප්‍රමාද කිරීම/අහෝසි කිරීම සඳහා මැදිහත්ව, ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ‘විදුලිබල අමාත්‍යවරයාට’ කරුණු ඉදිරිපත් කර ඇති බව පිළිගනී.

අන්නාසිගල, උණකන්ද දැනට වැඩ අවසන් කරමින් ඇති විදුලි ව්‍යාපෘතියට සවි කර තිබූ ට්‍රාන්ස්ෆෝමරය ගලවාගෙන යාමෙන් පසුව, සමන්ත විද්‍යාරත්න ට විරුද්ධව ජනතාව උද්ඝෝෂණය කළේය. එය පුවත්පත් මගින් ප්‍රචාරය වීමෙන් පසුව තමන් වෙත එල්ල වූ විරෝධය වෙනතකට යොමු කිරීම සඳහා ඔහු වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පුවත්පත් සාකච්ඡාවක් පවත්වා ඔහුට එරෙහිව සංවර්ධන ව්‍යාපෘතියකට බලපෑම් කිරීම පිළිබඳ චෝදනාව යටපත් කිරීම සඳහා මා සම්බන්ධ කර අසත්‍ය, ද්වේෂසහගත සහ වීකෘති කරන ලද කරුණු ගොතා ඉදිරිපත් කර ඇත.

අමාත්‍ය සමන්ත මාගේ නම සඳහන් කරමින් ද්වේෂ සහගත සහ අවමන් සහගත කරුණු 19 ක් දක්වා ඇත. ඒවාට පිළිතුරු මෙසේය.

1. මේ ව්‍යාපෘතිය ගැන ‘මතයක්’ (විනාඩි 1.12) ප්‍රකාශ කරන බව ඇමති සමන්ත පවසයි. ඔහුගේ සමස්ත පුවත්පත් සාකච්ඡාවම ඔහුගේ ‘මතය’ ලෙස ඉදිරිපත් කරන ප්‍රබන්ධයක් මිස සත්‍යයක් නොවන්නේමය.

2. විදුලිබල අමාත්‍යාංශයට ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පෙත්සම් රැසක් ලැබූ තිබුණ බව (විනාඩි 1.51) ඇමති පවසයි. අමාත්‍යාංශය වෙත ජාතික ජනබලවේගය බලයට පත්වීමෙන් පසුව පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ චන්ද්‍රදාස කොඩිතුවක්කු නම් බලහරුව ජවිපෙ සංවිධායකවරයා විසිනි. ඔහුගේ පුතා සහ දුව ද ජවිපෙ හි පූර්ණකාලීනයන්ය. ඇමති සමන්ත පෙත්සම් ගෙන්වා ගෙන ඇත්තේ කොඩිතුවක්කු සහ ප්‍රේමරත්න (පාතාල නායක නෙළුවේ ප්‍රියන්තගේ සහෝදරයා) යන අය මෙම ව්‍යාපෘතියට විරුද්ධ ගව පට්ටි සහ තණමල්විල ට ආවේනික වගාවන් සිදු කරන දෙදෙනා ගෙනි.

3. ප්‍රශ්නගත විදුලි යෝජනා ක්‍රමයේ (විනාඩි 2.54) කණු ගලවාගෙන ගොස් නැති බව පවසයි. මෙම ව්‍යාපෘතියේ විදුලි ට්‍රාන්ස්ෆෝමර් දෙකක් සවිකිරීමට රැගෙන විත්, සමන්ත විද්‍යාරත්න විදුලිබල අමාත්‍යාංශයට කරුණු දැක්වීමෙන් පසුව එක් ට්‍රාන්ෆෝමරයක් රැගෙන ගොස් ඇත. මහජන විරෝධය නිසා කණු ගලවා රැගෙන යාමට නොහැකිවී ඇත.

4. (වි. 3.35) 2013 දී බෝගහපැලැස්ස රක්ෂිතය ගැසට් කරනු ලැබූවේ හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වසම් 16 ක රක්ෂිතයට ඇදෑ ගනිමිනි. අවම වශයෙන් බෝගහපැලැස්ස රක්ෂිතයට රජයේ මිනින්දෝරු විසින් සකස් කළ පිඹුරක් හෝ නොමැත. බෝගහපැලැස්ස රක්ෂිතයට ඔප්පු සහිත ඉඩම්, ස්වර්ණ භුමි, ජයභුමි, සහ බලපත්‍ර සහිත ඉඩම් ද ඇතුලත් කර ඇත. මෙම ඉඩම් දීරඝ කාලයක් ප්‍රදේශවාසීන් විසින් ද, පසුව එම ස්ථානයට පැමිණි පිරිස් විසින් ද වගා කර ඇත.

5. 1970 -1978 සමයේ දී තුනී ලෑලි සංස්ථාවට අවශ්‍ය දැව ලබාගැනීම සඳහා මෙම වනය එළිපෙහෙළ කර ඇත. පසුව දිගින් දිගටම හල්දුමුල්ල, මිද්දෙනිය, තණමල්විල, ගාල්ල ප්‍රදේශවලින් පැමිණි ජනතාව විසින් මෙහි වගා කටයුතු සිදු කර ඇත. වන සංරක්ෂණ, ග්‍රාම නිලධාරි, ප්‍රාදේශීය ලේකම් ඇතුළු නිලධාරීන් ඒ පිළිබඳ සාක්ෂි දරනු ඇත.

6. (වි. 6.50) සමන්ත පවසන්නේ අන්නාසිගල ගොවි සංවිධානය විසින් ඉදිරිපත් කර ඉඩම් ලේඛනයක කේ.ටී.රංජිත් නමින් රජිත් කීර්ති තෙන්නකෝන් ගේ නම සඳහන් වන අතර එහි මාගේ පුද්ගල හැඳුණුම්පත් අංකය ‘0’ ක් වැඩිපුර යොදා ලියා ඇති බවයි. එම අයඳුම්පත්‍රයේ මාගේ අත්සන ව්‍යාජ ලෙස ගසා ඇති බවයි. ඉතා පැහැදිලිව, නිරවුල්ව, අවධාරණයෙන් පැවසිය යුත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල ප්‍රා.ලේ. කොට්ඨාශයේ මා සතුව කිසිදු ඉඩමක් නොමැති බවයි. හල්දුමුල්ල කොට්ඨාශයේ නොමැති ඉඩමකට මාගේ නම වැරදියට ලියා, වැරදි හැඳුණුම්පත් අංකයක් ද සහිතව කිසිදු අයඳුම්පතක් ඉදිරිපත් කිරීමේ කුමන හෝ අවශ්‍යතාවයක් මා හට නැත. මෙය චේතනාන්විත අපහාසයකි. (අනෙක් අතට, ඉඩම් ලබා ගැනීමට කුමන හෝ ප්‍රාදේශීය ලේකම්‌ වෙත ඉල්ලීමක් සිදු කරන්නේ නම් වැරදි නමක් හා වැරදි හැඳුණුම්පත් අංකයක් ඉදිරිපත් කිරීමෙන් ඉඩම් අයිතියක් ලබා ගත නොහැකිය.)

7. කෙසේ නමුත්, මොණරාගල දිස්ත්‍රික්කයේ පාරම්පරිකව හේන් වගා කළ ඉඩමක් 2020 කෙරෝනා වසංගතය අවසන් වූ පසුව මා විසින් මුදල් ගෙවා ලබාගෙන වගා කරන ලදී. අදාල ඉඩම ප්‍රතිෂ්ඨාවක් සඳහා 2020 දී (එනම් මා කිසිදු රජයේ තනතුරක් නොදරණ අවස්ථාවක) මුදල් දී මිලදී ගත් අතර එහි දී කිසිදු ආකාරයකට බලය අයුතු ලෙස භාවිත කොට නොමැත. එම ඉඩම් මිලදී ගැනීම පූර්ණ වානිජ්‍ය ගණුදෙනුවකි. ඒ වන විට එහි තිබූ වාඩිය වසර 30 කට ක් පුරා වවා කොස්, අඹ, දොඩම්, වෙනත් ගස් වර්ග ඇත. පරිසරය, කුරුල්ලන් සහ සතුන් ඡායාරූපගත කිරීම විනෝදාංශය කර ගත් මම හෝ එහි සිටි කිසිවෙකුත් එහි කිසිදු ගසක් කපා නොමැති බව විමර්ශනයක දී තහවුරු වනු ඇත.

8. (වි.10.01 ) මොණරාගල දිස්ත්‍රික්කයේ පිහිටි මා විසින් ඉහතින් දැක්වූ ඉඩමේ කොටසක හිමිකරු (ශාන්ත) ගේ විඩියෝවක් ඇමති සමන්ත විසින් ප්‍රචාරය කරයි. එය ඔහු සචේචතනිකව ද්වේශසහගත ලෙස අර්ථ දක්වන්නේ ‘මේ ඉඩම බලාගන්නා පුද්ගලයා’ කියාය.

9. (වි. 10.45) දී ඇමති සමන්ත පවසන්නේ මා විසින් 2020 – 2021 සමයේ දී පරිහරණය කළ ඉඩම ‘ජනාධිපති ලේකම්, ආණ්ඩුකාර ධුයේ බලය පාවිච්චි කර’ යැයි අතිශයින් ද්වේෂ සහගත ප්‍රකාශයක් සිදු කරයි. මෙම ඉඩම පරිහරණය කල සමයේ මම එවැනි කිසිදු තනතුරක් දරා නැත.

10. සමන්ත විද්‍යාරත්න (වි. 11.01) ප්‍රකාශ කරන අන්දමට අලුත්වෙල, උණකන්ද, බලහරුව, තණමල්විල, හල්දුමුල්ල සිටින හේන් වගාව සිදු කරන ගොවීන් අත්අඩංගුවට ගෙන, හිරේ දැමීම වත්මන් රජයේ ප්‍රතිපත්ති නම් අවම වශයෙන් තුන් දහසකට වැඩි පිරිසක් මෙම කලාපයෙන් ඉවත් කළ යුතුය.

11. (වි.5.11) දී ඇමති පවසන්නේ මේ වන විට ජාවාරම්කරුවන් විසින් අක්කර 5,482 ක් අල්ලා ගෙන ඇති බවයි. ඔහුගේ ද්වේෂය හා අපහාසක කොපමණ ද යත්, එයින් අක්කර 18 ක (0.0032%) ඉඩමක් ගැන පමණක් පවසයි.

12. (වි. 13.45) දී අන්නාසිගල, උණකන්ද හා (ඇමති පවසන පරදි බෝගහපැලැස්ස රක්ෂිතයේ) කටයුතු අසරණ ගොවීන්ට වගා කිරීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් ඇමති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දොස් පවරයි. සැබවින්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නීතිය කුමක්ද යන්න අමාත්‍යවරයාට වඩා හොදින් දනී. රක්ෂිතයෙන් පිටත, අලි වැට ගසා මායිම් ලකුණු කර ඇති 1978 සිට පුද්ගලික පරිහරණයේ පවතින ඉඩම්වලින් ගොවීන් එළවීමට බලයක් තමන්ට නැති බව ද නිලධාරීන් දනී.

13. (වි. 14.15) අමාත්‍යවරයා මෙම විදුලි ව්‍යාපෘතිය ආරම්භ කිරීම පිළිබඳව විදුලිබල මණ්ඩලයට චෝදනා කරයි. ඔහුට අනුව විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් නීතිය නොදන්නා, දුෂිතයින් ය.

14. (වි. 14.32) ජනවාරි 6 දින ‘අලි පෙරළපු විදුලි කණු’ යැයි සමන්ත විද්‍යාරත්න පවසන්නේ විදුලී බල මණ්ඩලය බන්ඩල් වයර් ඇදීමටත් පෙර සිදු වූ සිදුවීමකි. මෙය පට්ටපල් බොරුවකි. මෙම කණුව කැඩී තිබුණේ විදුලි කණු ගෙන ගොස් දැමූ (මාස 3 කට පෙර) දිනකය. විදුලිබල මණ්ඩලය බන්ඩල් වයර් සවිකර ද මාස දෙකකට වඩා ගත වී ඇත.

15. (වි. 15.31) ඇමති සමන්ත පවසන්නේ මේ පිලිබඳ රහස් පොලිස් පරීක්ෂණයක් පවත්වන බවයි.

16. (වි. 16.52) දී අන්නාසිගල ඉඩම් ලබාගත් පුද්ගලයින්ගෙන් රු. ලක්ෂය බැගින් ලබාගත් බව (වි. 17.26) පවසයි. ඒ කවුද? කවදාද? කාගෙන්දැයි? ඔහු නොපවසන නමුත්, සමස්ත සාකච්ඡාවට මා කේන්ද්‍රගතව සිදුවන බැවින් වක්‍ර ලෙස මම මුදල් ලබා ගත් බව වංචනිකව ද්වේෂසහගතව ආරෝපණය කරයි.

17. (17.49) කීර්ති තෙන්නකෝන් අඹ පැල සොයා දෙන්නම් යැයි කියනවා’ මාගේ ඉඩමේ වානිජ්‍ය අඹ වගාවක් නොමැති අතර කිසිදු අයෙකුට රජයේ අඹ පැල ලබාදී හෝ ලබා ගැනීමට සහාය දීමක් හෝ සිදු කර නැත. (වි. 18.50) දී කීර්ති තෙන්නකෝන් කොල්ල කා ඇතැයි පවසයි. මේ සියළු කරුණු සචේතනික අපහාසාත්මක ප්‍රකාශයන් ය. මේ කරුණු අධිකරණය හමුවේ ඔප්පු කිරීමට ඇමති සමන්තට මම අනිවාර්යයෙන්ම අවස්ථාව සලසා දෙන්නෙමි.

18. (වි. 19.42) දිගින් දිගටම මා දැරූ සහ නොදැරූ තනතුරු දක්වමින්, අතිශයින්ම සාවද්‍ය හා ද්වේෂ සහගත ප්‍රකාශ කිහිපයක් සිදු කරයි.

19. ඇමති පවසන්නේ, (වි. 20.10) දී ගමේ කොටසකට පමණක් විදුලිය ලබාදෙන බවත් තවත් පිරිසකට විදුලිය ලබා නොදෙන බව ත් ය. දැනට විදුලිය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන පිරිස් වෙත විදුලිය ලබා නෙදෙන්නේ නම් ඒ පිළිබඳ සුදුසු ඉදිරි පියවර අප විසින් ගන්නෙමු.

තව ද, ‘දුෂණයක් බලපෑමක් හෝ නොකර හැරීමක් සිදුවී ඇත්තේ විදුලි ව්‍යාපෘතිය තුල ද, ඉඩම් ගනුදෙනුව තුල ද යන්න ඇමතිවරයා නිශ්චිතව සඳහන් නොකිරීමට සුක්ෂම හා පරිස්සම් සහගත වී ඇති බව ද, අවධාරණය කරමි.

අන්නාසිගල, අලුත්වෙල ගම්මාන පිහිටා ඇත්තේ උමාඔය විදුලි බලාගාරයේ සිට කි.මි. 5 කට පමණ අහස් දුරකිනි. ඇමති සමන්ත ගේ උමාඔය විරෝධයට එක් නොවූ එකම ගම්මානය අන්නාසිගල හා අලුවෙල යි. ඇමතිවරයාගේ උමා ඔය විරෝධය විසින් අත්තනෝමතික ලෙස සංවර්ධන ව්‍යාපෘති අඩපණ කර, මේ රටේ අන්ත අසරණ ජනතාවකට විදුලි බලය අහිමි කිරීම අපරාධයකි.

මම 2017 තරම් ඈත යුගයක සිට ‌’බෝගහපැලැස්ස’ රක්ෂිතය රැක ගැනීම සම්බන්ධයෙන් කටයුතු කර ඇත. ඇමති පවසන පරිදි, එහි අක්කර 5,482 ක් ජාවාරම්කරුවන් විසින් අල්ලාගෙන ඇති නම්, ඒ සියළු ඉඩම් නැවත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා දිය යුතුය. 3,000 ක් පදිංචිව සිටින තැනකින්, තනි පුද්ගලයෙකු පමණක් වන මට අපහාස කිරීමට විනාඩි 30 ක පුවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීම තුල ඇමති ප්‍රකාශය ‘උමා ඔය හිල’ ට වැඩි දෙයක් නොවන බව තහවුරු වන්නේය. මාස 3 ක් තුල ඩොලර් බිලියන 6 ක සංචිතයක් ගොඩනැගීමේ බොරුවට වැඩි දෙයක් නොවන බව පැහැදිලිය.

මා සම්බන්ධයෙන් වන ඉහත ප්‍රවෘත්තිය අපහාසාත්මක ප්‍රකාශයක් බැවින් කිසිදු මාධ්‍යයක හෝ සමාජ මාධ්‍යයක පළ නොකිරීමට වග බලා ගන්නා මෙන් ඉල්ලමි.

එසේම, ඉහත ප්‍රවෘත්තිය පළ කළ සියළුම මාධ්‍ය ආයතනයන් වෙතින් මා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ, මේ පිළිබඳ මාගේ කරුණු පැහැදිලි කිරීම සමාන හා සුදුසු ඉඩක් ලබාදී ප්‍රචාරයක් ලබා දෙන ලෙස ය.

මෙයට විශ්වාසී,

රජිත් කීර්ති තෙන්නකෝන්

බදුල්ලේ ගමක කෝටි 12ක් වියදම් කරපු විදුලි ව්‍යාපෘතියක් නවත්වන්න ඇමැති සමන්ත වැඩ කරලා කියපු පුවත පිටුපස ලොකු කතාවක්! හොයාගෙන යද්දී ඌවේ හිටපු ආණ්ඩුකාර-රනිල්ගේ ලේකම්වරයකු වෙච්ච රජිත් කීර්ති තෙන්නකෝන් ඒ ගමෙන් අක්කර 18ක් අරගෙනලු! ලයිට් ගන්නෙ ඒ ඉඩමටලු! හැදුනුම්පතත් හොර එකක්ලු! අත්සනත් බොරු එකක්ලු! මේක වංචාවක්! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

ලක්ෂ 70ක කතාව බොරුවක්! ‘ක්ලීන් ශ්‍රී ලංකා’ උත්සවයට ගියේ ලක්ෂ 9යි! ගායකයන්ගේ සල්ලි ගැන එවලා තිබ්බේ කොටේෂන් එකක්! චාමර ඊයෙ කරපු චෝදනාවට නලින්ද අද උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මත්පැන් මිල වැඩි කළා! සිගරට් මිල වැඩි කළා! ආණ්ඩුව බොන අයත් ක්ලීන් කරන්නයි යන්නේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.