බිත්තර සීනි සහ බී ලූනු මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබීම මේ මස 20 වෙනිදාට පෙර අඩු කිරීමට රජය මැදිහත් නොවුනහොත් අනිවාර්යයෙන්ම පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් දහයකින් සහ කේක් කිලෝවක මිල රුපියල් සියයකින් මිල වැඩි කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් .කේ. ජයවර්ධන පවසයි. (Sri Lanka Latest News)
මේ වන විට බිත්තරයක් රුපියල් 60 ක තොග මිලටද ,සීනි කිලෝවක් රුපියල් 305, 310, මිලකටද ,ලොකු ලුණු කිලෝවක් රුපියල් 400ත් 500ත් අතර මිලකටද ගැනීමට සිදුවීම මෙම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට හේතුව වී ඇතැයි ද සභාපතිවරයා කීය .
විශේෂයෙන් වෙළඳපොලේ බිත්තර සහ සීනි මිල ඉහළ යාම නිසා එළඹෙන නත්තල් සමයේදී ජනතාවට කේක් අඩු මිලට ලබා ගැනීමට තිබූ අවස්ථාව අහිමිවන බවද ඒ මහතා පැවසීය .
විශේෂයෙන් බිත්තරයක් රුපියල්40 ක පමණ මිලකට බේකරිවලට ලැබිය යුතු බව පවසන ඔහු එළැඹෙන නත්තල ඇතුළු උත්සව සමය අවසන් වන තෙක් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කරන ලෙසද බේකරි හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටින බව පැවසීය .
බේකරි නිෂ්පාදන සඳහා බිත්තර සහ සීනි ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන අතර මාළු පාන් ,බිත්තර පාන් ,කට්ලට් ,පැටිස්, ඇතුළු කෙටි ආහාර නිෂ්පාදනය සඳහා බී ලූණු අත්‍යවශ්‍ය බව පෙන්වා දෙන සභාපති ජයවර්ධන දැනට එම භාණ්ඩවල මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබීම බේකරි හිමියන්ට දරා ගත නොහැකි වැඩිවීමක් බවද කියා සිටී.
lankasara